ඇමැති රවී කරුණානයකට එල්ල වූ විනිමය වංචා චෝදනාවේ විදේශ මැදිහත්කරුවා වන රාජ් රාජරත්නම්ට එල්ලවී තිබූ චෝදනාවට දඬුවම් ලෙස ගෙවු සිරගත ජීවිතය අවසන් කර තිබේ.

ඒකීය ශ්‍රී ලංකාවක් තුල උපරිම බලය බෙදා හැරීමකට තමා එකඟ බව එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.

මහරගම ප්‍රධාන මාර්ගය (හයිලෙවල් පාර) හරහා ඉදිකර තිබූ උපාලි කොඩිකාර,කාන්ති කොඩිකාර සහ මහින්ද රාජපක්ෂ,( නන්දසේන ගේ රුව පෙනෙන්න නැත) සහිත දැවැන්ත ප්‍රචාරක පුවරුවක් කඩා වැටි තිබේ.

ඇත්ත වශයෙන්ම එන්ටර් ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන්නේ ඒක ගැන කතා කරන ස්ථානයක් නෙවෙයි. නමුත් එතනදී මම පැහැදිළිවම කියන්න ඕන ඒ ප්‍රකාශ අද පුවත්පත්වලත් ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඒ දාල තියෙන ප්‍රකාශය ප්‍රෝඩාභය රාජපක්ෂගේ ගොට්ටන්ගේ බොරු ප්‍රවෘත්තියක්.

රනිල් වික්‍රමසිංහ එජාපයේ ජනධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමක් සිදු නොකළ බවත් ඊයේ සාකච්ඡා කළේ එසේම එජාපයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස සුදුසු කෙනෙකු නම් කිරීම සම්බන්ධයෙන් පමණක් බවත් එජාපයේ සභාපති කබීර් හශීම් අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කළ ඉල්ලීම සමඟ තමා එකඟ වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) ගාල්ලේ දී පැවසීය.

අද උදෑසන පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන්ගේ ‍රැස්වීමෙදී රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බවට ගත් තීන්දුව විහිළු සහගත එකක් බව එම පක්ෂයේ ජේෂ්ඨයකු සඳහන් කරයි.. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සලකා බැලූ සමීක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බව රනිල් වික්‍රමසිංහද පිළිගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තමන්ම විය යුතු බවට අද දින එජාප නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ජේෂ්ඨ මැති ඇමතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී තීන්දු කර තිබේ.

ld add copy

Connet With Us