උතුරු පළාතේ සුළු සිද්ධීන් කිහිපයක් හැරුණ විට උතුරු පළාතේ ඡන්දය ප්‍රකාශවීම සාමකාමීව හා උනන්දුවකින්යුතුව සිදුවීම බව එම පළාතෙන් ලැබෙන වාර්ත පවසයි.

අධිකරණය විසින් දුන් වාරණ නියෝගය භාරදීමට පිස්කල් නිලධාරීන් අනුර ප්‍රියදර්ශණ යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන ලේකම්වරුන්ගේ නිවෙස් අසල සහ ඔවුන්ට අදාල ඡන්ද මධ්‍යස්ථාන අසල රුදී සිටින නිසා අදාල ලේකම් වරුන් දෙදෙනා විසින් ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට ඉඩඇතැයි යන

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත , අභයසිංහාරාමය, සයිකෝජි පෙර පාසල පරිශයේ පිහිටි ඡන්ද මධ්‍යස්‌ථානයේදී සිය ඡන්දය ප්‍රකාශය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ විශ්වවිද්‍යාලයේ ඡන්ද මධයස්ථනයේදී සිය ඡන්දය ප්‍රකාශයට පත් කළේය. එම අවස්ථාව දැක බලා ගන්නටත් මාධ්‍ය ආවරණය ලබා ගැනීමටත් විශාල පිරිසක් කොළම විශ්ව විද්‍යාල පරිශය අසල එක් ‍රැස්වී සිටියහ.

කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහිද රාජපක්ෂ මහතාට සිය ඡන්දය තමන් වෙනුවෙන් පාවිච්චි කිරීමේ හැකියාව මෙවර අහිමි විය. මන්ද ඔහුගේ ඡන්දය ලියාපදිංචි කර ඇත්තේ හම්බන්තොට මැදමුලන නිවසේය. 

2015 මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශකිරීම ඉතා සාමකාමීව පැවැත්වෙන බව වාර්තා වේ. සුළු සිද්ධීන් කිහිපයක් පමණක් මේ වනවිට වාර්තා වේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ඉලුක්පිටිය ප්‍රදේශයේ ඡන්දදායකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට ගියවිට ඔහුගේ ඡන්ද කලින් දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබෙන බව වාර්තා වේ. මීට අමතරව රඹුක්කන දොඹේමඩ කණිෂ්ට විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය අසල ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඡන්ද දායකයින් වෙත මත්පැන් බෙදාදීම් පිළිබඳව තොරතුරු වාර්තා වන බව කැෆේ සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කළේ බදුල්ල, නුවරඑළිය, පුත්තලම ,කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක වලින් මෙම සිදුවීම් වාර්තා වන බවයි.

කළුතර දිස්ත්‍රික් එජාප අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා හා නන්දන ගුණතිලක මහතා අද සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාස්ථාන වලට පැමිණි අවස්ථාව

ld add copy

Connet With Us