මේ වන විට රිමාන්ඞ් බාරයේ පසුවන කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වක්ර් ආයනතයේ  විධායක අධයක්ෂක වරයා ලෙස කටයුතු  ඇමැති අර්ජුන රණතුංග මහතාගේ සොහොයුරු නිශාන්ත රණතුංග මහතාට රජයේ සාක්ෂිකරුවකු වී  ප‍්‍රශ්නයෙන් නිදහස් වන ලෙස එම පවුලේ සාමාජිකයන්ගේන් බලපැම් එලා වෙමින් තිබෙන බව වාර්තාවේ.

මෙම නාලිකාව ආරම්භ කිරීම සඳහා අයථ ලෙස මුදල් යෙදුවූවාය යන චෝද්නාව ලබා සිටි හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී හා ව්‍යාපාරික සජින් වාස් ගුණවර්ධන මහතා මේ වන විට රජයේ සාක්ෂිකරුවකු වී සිටින අතර ඔහු සුපුරුදු ලෙස ව්‍යාපාරික කටයුතුවල ද නියැලි සිටී . රණතුංග පවුලේ පිරිස්  පවසා ඇත්තේ සජින් වාස් මෙන් කටයුතු කර මේ ගැටළුවෙන් නිදහස වන ලෙසය. එහෙත් මේ දක්වා නිශාන්ත මහතා ඒ සඳහා කැමැත්ත පල කර නොමැත.

ඒ අතර එම මහතාට ඇප ලබා දෙන ලෙස ඉලමින් පසුගිය 18 වන දින ඇප අයදුම් පත‍්‍රයක් කොළම මහාධිකරණයට ඉදිරිපත් කිරීමටද කටයුතු කර තිබිණි. නිශාන්ත රණතුංග මහතා ඇතුලූ සි.එස්.එන් ප‍්‍රධානින් අත අඩංගුවට ගන්න ලද්දේ පසුගිය ජනවාරී 30 වන දිනය.පසුව පසුගිය 11 වන දින කඩුවෙල මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඇප ඉලා සිටියද ඒ ප්‍ර‍තික්ෂේප කෙරිණි.

එංගලන්තයේ මහ රැජින ආසියාවේ ඉහළම කලාශිල්පීන් කිහිප දෙනෙකුට නයිට් පදවි ලබා දිමට තීරණය කරලා තිබෙනවා... ඒ සඳහා ලංකාවෙන් තෝරගෙන තිබෙන්නේ ඔබතුමාව...නැටුම් ශිල්පය වෙනුවෙන් කරපු සේවය අගයලා තමයි මේක දෙන්නේ....‘ මේ මෙරට ප්‍රකට නර්තනාචාර්යවරයකුට මීට වසර දෙකකට පෙර එංගලන්තයේ සිට ලැබුණු දුරකතන ඇමැතුමකි.

නර්තනාචාර්යවරයාට මේ සිතා ගැනීමට අපහසු කරුනක් වූවද එහා කෙලවරේ සිට කතා කළ තැනැත්තා විසින් සති කිහිපයක් තිස්සේ කළ පැහැදිලි කිරීම නිසා ඒ සැකයෙන් වුවත් එකී පරිදි ඉතුරු වැඩ කටයුතු වලට සූදානම් විය.

වාස්තු විද්‍යාත්මකව සහ ඓතිහාසිකව පොහොසත් උරුමයක් ඇති ගල්කිස්ස මහ හෝටලය තමන්ගේ 210 වැනි සංවත්සරය හා සමගාමීව පැවැත්වීමට බලාපොරොත්තුවන  “Words on the Mountවැඩසටහන පිළිබඳව පසුගියදා මාධ්‍ය දැනුවත් කරනු ලැබීය.

කොබෙයිගනේ පොලීසියට හා ජීෆි සමාගමට එරෙහි 2015/10/14 HRC 3319/15 පැමිණිල්ල අද දෙවන වර විභාග කළ අතර එයට කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපතිවරයාත් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පූජ්‍ය වෑකදවල රාහුල හිමි, දුමින්ද අලහකෝන්, සම්පත් බාලසූරීය යන අය සහභාගී විය.

එහිදි පැමිණිල්ල විභාග කරමින් මානව හිමිකමි කොමිසම කියා සිටියේ අසාධාරණයට ලක්වූ අධයන මධ්‍යස්ථානයේ පර්යේෂණ කණ්ඩායමට සධාරණය ඉෂ්ට කිරීමට පොලීසීයට හැකි ඉක්මණින් ක‍්‍රියා කරන ලෙසයි .

ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ සැක පුද්ගලයින් දෙදෙනෙකුගේ චිත්‍ර පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර ඔවුන් පිළිබඳ පරීක්ෂණ පැවැත් වීමට ජනතාවගෙන් ආධාර ඉල්ලා ඇත.

ලසන්ත ඝාතනය කෙරෙන්නේ 2009 ජනවාරි 08 වැනිදාය. ඉන් අනතුරුව ගෙවුණු සය වසරක් ම ඔහුගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ සිදු කෙරුණේ ඕනෑවට එපාවට ය. වෙනෙකක් තබා එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වරක් ප්‍රශ්න කර සිටියේ "කවුද ලසන්ත කියන්නෙ ? මෙච්චර මිනිස්සු මැරෙද්දි ඇයි එක ලසන්ත කෙනෙක් ගැන ඔච්චර හොයන්නේ" කියා ය.

ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් නීති විරෝධී ලෙස අලි පැටවුන් අල්ලා මුදලට විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත්වෙන පරීක්ෂනවල කකුලෙන් ඇදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බව අප සංගමයට වාර්තා වී ඇත. මේ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් අනුව නීති විරෝධී ලෙස පවුද්ගලික භාරකරීත්වයේ රඳවාගෙන සිටින බවට සැක කෙරෙන අලි පැටවුන් දහතුන් දෙනෙකු (13) අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත්තුමන් විසින් ලබා දුන් නියෝගය පවා ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී තිබේ.

වයඹ පළාත් සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසික සභා වාරය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් සභාවෙන් ඉවත් කර තිබේ.

පළාත් සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා මාධ්‍යන්හි පළ වී ඇත්නම් අදාල මන්ත්‍රීවරුන් විසින් කළ යුතුව ඇත්තේ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. එසේ නොකර සියළුම මාධ්‍යවේදීන් සභාගැබෙන් පිටමං කිරීමෙන් සිදුවන්නේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමයි.

විවාහයේදී දෑවැදි ලබාගැනීමේ ක්‍රමය නීතියෙන්ම තහනම් කළ යුතු බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ද වන ඔහු මේ අදහස් පලකළේ වැලන්ටයින් දිනය නිමෙත්තෙන් සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ (14) මාතර වෙරළ උද්‍යානයේ ‘එන්න ආදරයේ පාට සොයන්න’ නමින් සංවිධානය කර තිබූ වැඩසටනකට එක්වෙමිනි.

ld add copy

Connet With Us