හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලට හා ඔහුගේ ඥාතීන්ට අයත් ව්‍යාපාරයන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) බරපතළ වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම ඇතුළු ආයතන විසින් මෙතෙක් කරන ලද විමර්ශනයන්ට අනුව ඔවුන්ට අයත් එම ව්‍යාපාර හා දේපළ රාජසන්තක කිරීමට හැකියාවක් පවතින බව නීති අංශ පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල 30 වන සැසිවාරයෙහි දී සම්මත කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පත සැප්තැම්බර් 24 වන බ්‍රහස්පතින්දා සභාගත කෙරුණි.

මෙම එකඟතා කෙටුම්පත සකස් කිරිම පිණිස සතිය මුලදි පැවැති සාකච්ඡා වට දෙකක්ම තීරණයකින් තොරව අවසන් වූ අතර, එක්සත් ජනපද යෝජනා කෙටුම්පත සහ ශ්‍රි ලංකා ආණ්ඩුවේ අපේක්ෂා අතර මහත් විවරයක් ඇති පැහැදිලිවම පෙනෙන්නට තිබුණි.

අවු.18 ට අඩු අයෙකු සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්වීමේදී ඔහු හෝ ඇය වැරැදිකරුවෙකු ලෙස අධිකරණය තීරණය කරන තෙක් ඔහුගේ හෝ ඇයගේ ගෞරවය රැකෙන ආකාරයට කටයුතු කළ යුතු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රණී බණ්ඩාර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

සජීව චාමිකර - පරිසර සංරක්ෂණ භාරය


ඇමෙරිකාණු, බහු ජාතික සමාගමක් වන කොකා කෝලා සමාගමේ බියගම නිෂ්පාදනාගාරයේ විෂ රසායනික කින්දු වීම හේතුවෙන් කැළණි ගඟ අගෝස්තු මස 17 වන දා දැඩි ලෙස දූෂණයට ලක් විය. එපමණක් නොව අඹතලේ ජල පවිත‍්‍රාගාරය හරහා කොළඹ ආශි‍්‍රත ජනතාවට දින ගණනාවක් පානය කිරීමට ලබා දී ඇත්තේ ද විෂ රසායනික වලින් දූෂණය වූ ජලයයි. අගෝස්තු මස 17 වන දින විෂ රසායනික ලීටර 1900 ක් පමණ කැළණි ගඟට කාන්දු වී ඇති අතර අගෝස්තු මස 28 වන දා දක්වා දින 11 ක් පුරා කොළඹ ආශි‍්‍රත 80% ක ජනතාවක් නැතහොත් ලක්ෂ 6 කට වඩා වැඩි ජනතාවක් පානය කර ඇත්තේ මෙම විෂ රසායනික මිශ‍්‍ර වූ ජලයයි.

වර්ෂ 2017 දී මීළඟ පොදුරාජ්‍ය මණ්‌ඩල යොවුන් ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්‌ඩල සංදේශය පෙරේදා (22දා) කැබිනට්‌ මණ්‌ඩලය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇති බව වාර්තා වේ. ප්‍රතිපාදන වෙන්කිරීමට ඇති අපහසුතාව මුල්කර ගනිමින් අග්‍රාමාත්‍යවරයා සහ මුදල්අමාත්‍යවරයාගේ කරුණු දැක්‌වීම්වලින් අනතුරුව මෙය ප්‍රතික්‍ෂේප වී ඇත.

දරුණු මීනීමරුවකු සොයන අන්දමින් නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් පාසල් ශිෂ්‍යයකු වූ තම අහිංසක පුත්‍රයා දැරිය ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිදු කළ අසාධාරණයට වග කියන්නේ කවරෙකු දැයි එම සිසුවාගේ මව වන කොටදෙණියාව අකරන්ගහ පදිංචි පුෂ්පා ශ්‍රියානි මහත්මිය විමසන්නීය. 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා ඉකුත් 16 වැනිදා නිවසේ නිදා සිටියදී අත්අඩංගුවට ගැනීමට නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ කටයුතු කර තිබිණි.

පිකටින් ෆන් එක

Published in පුවත්
Wednesday, 23 September 2015 14:41

සරුංගල් තැනෙන්නේ බිමය. නමුත් යැවෙන්නේ අහසටය. සරුගලයත් බිමත් අතර බැඳීම සියුම් නූලකිනි. මේ බැඳීම ලිහීගිය පසුව සරුංගලය ඔහේ පාවීගොස් ගසක් හෝ ලයිට් කණුවක් වැනි ඉහළ යමක් මත රැඳේ. නැතිනම් වෙලක හෝ වළක වැටේ. සමහරවිට වෙනෙකෙකු විසින් අහුලාගෙන නැවත උඩ යවනු ලැබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ගේ ඝාතනය හා එම අරගලයේදී මියගිය 60,000 ක් පමණ වන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවට මේ දිනවල වන කතිකාව පෝෂණය කළ හැකි ලිපියක් අපවෙත ලැබී තිබේ.

ld add copy

Connet With Us