ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරන අපේක්ෂකයා ලෙස දිනවීමට කොන්දේසි විරහිතව සහයෝගය දෙන බව ප්‍රකාශ කිරීම නිසා ආණ්ඩුවේ සිංහල බෞද්ධ ඡන්ද පදනමට බරපතල හානියක් සිදුවෙමින් පවතින බව  බුද්ධ අංශ වාර්තාවක් විසින් පෙන්වා දී ඇතැයි අරලියගහ මන්දිරයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
2014 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අනුව එක් එක් විෂය ධාරාවන්වල දිවයිනේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානවලින් වැඩි ප‍්‍රමාණයක් අත්කර ගැනීමට කොළඹින් බැහැර පාසල්වල සිසු සිසුවියන් සමත්ව අැත.

ජනාධිපතිවරණයෙන් පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවිය යුතු බවට මහජන මතයක් ගොඩනැගී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ නාය යාමෙන් විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබද සොයා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (27) පස්වරුවේ එම ප්‍රදේශවල සංචාරක නිරත විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට අයත් මදිරිගිරිය යාය 07 රාජා අබේ ගුණවර්ධන මහතාගේ නිවසේ පවත්වාගෙන යනු ලබන පක්ෂ කාර්යාලයට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් එම කාර්යාලය කඩා බිඳ දමා අහසට වෙඩි තබා පලා ගොස් තිබේ.

එක්සත් ප්‍රවෘතිපත්‍ර සමාගම (ලේක්හවුස්) මඟින් එම අයතනයේ මුද්‍රණය කරන සෙත්මිණ නම් ජෝතිෂ්‍යය පුවත් පතක් විශේෂ කලාපයක් ලෙස මහින්ද රාජපක්ෂගේ මැතිවරන ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් මුද්‍රණය සඳහා මේ වන විට සුදානම් කොට ඇති බව වාර්තාවේ.

මහින්ද රාජපක්‍ෂ ගේ මැතිවරණ කාර්යාලවල ඇති පුවරුවල 'හොරා' යැයි සටහන් කර ඇති බව අද දින අප කොළඹ දිස්තික්කයේ මැතිවරණ කටයුතු පිලිබඳ නිරීක්‍ෂණය කරමින් ගමන්කරන අවස්ථාවේ අපගේ කැමරා කාචයට හසුවිය.

worky

worky1

ld add copy

Latest News

Connet With Us