ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාතිය වෙනුවෙන් නිර්මාණය කර තිබූ ගීතය සහ වීඩියෝව සම්බන්ධව මූලික වී කටයුතු කර තිබෙන්නේ ජාතික හෙල උරුමයේ චම්පික රණවක ඇමැතිවරයාගේ හෙංචයියකු වන ස්වාධීන රුපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක මහතා බව එම ආයතන ආරංචි මාර්ග පවසයි.

තවමත් අවිවාහකව සිටින ඇහැට කනට පෙනෙන සුදු හැන්ඩි පහට ඉන්නා නියෝජ්‍ය ඇමැතිවරයකු මේ දිනවල තමාට ගැලපෙන මනමාලියක් සොයා ගැනීමේ මහ මෙහෙයුමක යෙදී සිටී.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා උත්හස කලැයි බොරු චෝදනා නගා වසර 10 ක් මුලුල්ලේ රිමාන්ඞ් බන්ධනාගාරයේත් පසුව යළිත් 10 වසරකට සිරදඬුවමකට යටත් කොට සිටි සිවරාජා ජෙනිවන් නැමැති දෙමළ ජාතිකයාව ජනාධිපති සමාවක් යටතේ පසුගිය 07 වන දා නිදහස් කෙරී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු පදවි ප්‍රාප්තිය සිදුවන විට ඔහුව ‘සිංහල බෞද්ධ විගඩමක්' බවට පත් කිරීමට ඔහු වටා සිටින උපදේශකයන් රොත්ත සමත් වී ඇත. පදවි ප්‍රාප්ත උළෙල පදවි ප්‍රාප්ත ගිතය හා සියලු ප්‍රචාරක කටයුතු වලින් සිදුව තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේ ජනවාරි 08 වන දින රට, ලොව හමුවෙ පෙන්වනු ලැබු නූතන ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුගේ තේජස, විගඩම්කාරයකුගේ විකාර නාගඩමක් බවට පත්වීම හැර වෙන කිසිවක් නොවේ.

වැය ශීර්ෂ පරාජය වීමේ ප්‍රතිඵලයක් ලෙස බස්නාහිර පළාත් සභාවේ සිය ඇමති ධූරය අහිමිකරගත් නිශාන්ත වර්ණසිංහ මහතා අද ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමට උත්සහ කල අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඒකාබද්ධ විරෝධය හමුවේ එය හකුලාගන්නට ඔහුට සිදුවී ඇත.

උදය ප්‍රභාත් ගම්මන්පිල දේශපාලනයට එන්නේ ලංකාවේ සිංහල බෞද්ධයා පණ ගසා පැමිණි ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීමත් සමග මතුවුණ හෙළ උරුම දේශපාලන ගමනත් සමගය. සිහළ උරුමයේ අංකොං වලට ගෑවි සිටියත් ගම්මන්පිලට තැනක් ලැබෙන්නේ හෙළ උරුමයෙන්ය. සිංහල ජාතිවාදය සිය ආයුධය කර ගනිමින් දේශපාලනය ඉහළ තැනකට යන්නට වලි කෑ ගම්මන්පිලට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය තුරුම්පුවක් විය. 

රාජපක්ෂ රෙජීමය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මෙරට බහුතරයක් ජනතාව පය තැබූ දිනය ජනවාරි 8 දින ඉතාමත් චාම් ලෙස සැමරීමට සූදානම් වෙද්දි පරාජයේ වියරු සිහිනයෙන් අවදිවී නැවත යන එන මං සොයන ගම්මන්පිලලාට කළු කොඩි දමන්නට ආසාවක් ඇතිවිය. කළු කොඩි සතියක් ලෙස නම්කර එයට ප්‍රචාරණයක් දෙන්නට උත්සහ කලේද තනි ගම්මන්පිලමය.

පෙර‍ටුගාමි සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාට ලබන 08 වන දිනට යෙදෙන මීළඟ නඩු දිනයේදී ඇප ලබා දීමත් ඔහු විසින් ඇයදුම් කර තිබෙන අපරිදි මේ රට පුරවැසිභාවය ලබා දීමටත් රජයට සිදුවනු ඇති බවට මේවන විට විවිධ මත පල වී තිබීම නිසා ජනතා විමුක්ති පෙරමුණ බරපතල ලෙස කලබල වී සිටී.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ සාක්ෂි නැවත විභාග කරමින් පවතින වාතාවරණයක ඔහුගේ වාහනය ගිනිගැනීම සහ මරණය සිදුවීමට අදාල වීඩියෝ දර්ශන වැඩිදුර පරීක්ෂණ සඳහා විදේශ රටකට යැවීම සුදුසු බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය දැනුම් දී ඇත.

ld add copy

Latest News

ප්‍රධාන ජලාශ 34කට ආසන්න ප්‍රමාණයක් වාන් දමයි

ප්‍රධාන ජලාශ 34කට ආසන්න ප්‍රමාණයක් වාන් දමයි

ගංගා ද්‍රෝණි කිහිපයකට ගත වූ පැය 24ක කාලය තුළ මි.මී. 50ට වැඩි වර්ෂාවක් ඇදහැලී ඇති බව වාරිමාර්ග අධ්‍යක...

Connet With Us