මහින්ද රාජපක්ෂ සහ එම හිතවාදින්ව නැවත ශ්‍රීලනීපය වෙත ඇඳා ගැනීම වෙනුවෙන් කළ සියලු රහසිගත සාකච්ඡා අත්හි‍ටුවීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තාවේ.

පසුගියදා ක‍ටුනායක ගුවන් තො‍ටු පොලෙන් නීති විරෝධී ලෙස මෙරටින් මුදල් පන්නා ගැනීමට ගත් උත්සාහයක් රේගුව විසින් වලක්වා තිබිණි. එම සිදුවීමට සම්බන්ධ කුප්‍රකට ඉන්දීය ජාවාරම් කරුවා රාම් සුදර්ශනය. ඔහු සමඟ මේ කටයුත්තට හවුල් වූ අනෙක් අය විදේශ ඇමතිගේ මාධ්‍ය සම්බන්ධීකරන ලේකම් තුසිත හල්ලොළුව බවත් දැන ගැනීමට තිබේ.

පොතක් ලියා තමන් යුද්ධය දිනු සෙන්පතියකු යැයි ඉතිහාසයේ ලියා තබන්නට උත්සහ ගත්තු ලෙඩ්ඩු කිහිප දෙනා අතර විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නට ද ඉදිරි ස්ථානයක් හිමිව තිබේ. ඒ පොතේ ඇති අමුතු දෙයක් නිසා නොවේ. එහෙම වුන් සිටින්නේ දෙතුන් දෙනෙකු නිසාය. යුද්ධයකට සම්බන්ධ වූ මොලේ ඇති එකෙක් කිසිදා යුද්ධ හරි යැයි කියන්නෙ නැත. යුද්ධය දිනුවා යැයි කියන්නෙන් නැත. යළි යුද්ධ ඇතිවෙන තැනට කටයුතු කරන්නේද නැත.

නැවත පරික්ෂ කිරීම සඳහා ගොඩගනු ලැබූ ඝාතනයට ලක්වූ සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මළ සිරුර පසුගිය නොවැම්බර් 05 වන දින කිසිදු ප්‍රසිද්ධියකින් තොරව යළි මිහිදන් කර තිබේ. බොරැල්ල කනත්තේ මිහිදන්කර තිබූ වික්‍රමතුංග මහතාගේ සිරුර එම ස්ථානයේම යළි තැන්පත් කිරීමට කටයුතු කර ඇත.

‘සන්ඬේ ලීඩර්’ සහ ‘ඉරුදින’ පුවත්පත් වල සේවය කරන මාධ්‍යවේදීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මුහුණ දී ඇති වැටුප් ප්‍රශ්නය සම්බන්ධව එම පිරිස සේවය කිරීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ. 

ශ්‍රි ලංකා මහ බැංකුවේ මේවන විට සේවය කරන ඉහළ නිළධාරිනියක ඇතුලු තවත් නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි වාර්තාවේ.

ක්‍රමය වෙනස් කිරීම ජවිපෙ හිතන තරම් සරලද? ආණ්ඩුවත් හිතන්නේ එහෙමද? මේ ප්‍රශ්නය අපි නගන්නේ අර්ජුන් ඇලෝසියස්ට නඩු දැමීමට කෝප් කමිටුව ගෙන ඇති තීරණය සම්බන්ධව දක්වන ප්‍රතිචාරයක් වශයෙන්ය.

මෙතෙක් ශ්‍රිලංකාවේ නිල වශයෙන් පිලිගැනිමට ලක්ව නොතිබූ ක්‍රිස්තියානි ඉවැන්ජලික සභාවට පිලිගැනිමක් ලක්වන ලෙස පසුගියදා ඇමරිකාවේ පිහිටි එම ආගමික මුලස්තානය මගින් මෙරට එම දේව මෙහෙයන් සිදු කරනු ලබන පාදිලිවරුන්ට (ෆාස්ටර්වරු) නිල පූජකවරම ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා ක‍තෝලික සභාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව වාර්තාවේ. විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු හා හිටපු ඇමැතිවරියක මේ සදහා සෘජු මැදිහත්වීමක් සිදු කිරීම හා ආණ්ඩුව ඒ සඳහා අවසරය ලබා දීම හේතුවෙන් ක‍තෝලික සභාව තම කනස්සල්ල ආණ්ඩුවේ ප්‍රධානින් වෙත පළ කර තිබෙන බවත් දැන ගැනිමට තිබේ.

ld add copy

Latest News

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්...

Connet With Us