ටෝනි රණසිංහ නම් වූ ප්‍රතිභාන්විත රංගධරයා, කලාකරුවා, අපූර්ව මිනිසා ජීවිතය අත්හරින්නේ අත්හළ නොහැකි සදාතනික මතක සැමරුම් සම්භාරයක් උපන් බිමට තිළිණ කරමින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවය තීරණය කර තිබේ.

රෝහල්වල වැඩිහිටි හිතකාමී වාට්ටු පිහිටුවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා යළි ජූනි 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය.

නව මැතිවරණ ක්‍රමය සම්මත කර දීමට වර්තමාන ආණ්ඩුව කටයුතු නොකරනවා නම් එය සම්මත කිරීම සඳහා පමණක් නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කරන බව පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ගේ බවට සැක කරන ජංගම දුරකථන අංක 20 ක්‌ සොයාගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (17) අල්ලස් කොමිසමට පැමිණියේය.

2015 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත මානව හිමිකම් කොමිසමේ 30 වැනි සැසි වාරයේදී ශ්‍රී ලංකා හමුදාව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදුකළ බව පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සකස් කළ වාර්තාව එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ld add copy

Connet With Us