ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් අඩකට වැඩි ප්‍රමාණයකින් බැටකන වයඹ වනජීවී කලාපයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගෙන් ප්‍රදේශයේ වන අලින්ගේ වාසභූමි අක්කර පන්සියයකට වැඩි පමාණයක් සුදු හඳුන් හා අඹ වගාවන් සඳහා එලි පෙහෙලි කිරීමට පුද්ගලික සමාගම් දෙකක් විසින් කටයුතු කිරීම නිසා එම ප්‍රදේශයේ සැබෑ භූමි පුත්‍රයින් වන අහිංසක දුප්පත් ගොවි ජනතාව හා අලි ඇතුන් ප්‍රමුඛ වනසතුන් දැඩි අසාධාරණයකට ලක්ව සිටිති.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවකින් තොරව මැතිවරණයකට යාමට අවශ්‍යතාව ඇත්තේ දේශපාලන වාසි ලබන පිරිසකට මිස මේ රටේ ජනතාවට නොවන බව කැෆේ සංවිධානය පවසයි.

විදුලි කප්පාදුව පිළිබදව කිසිදු අදහසක් නැති බවත් ඔක්තොබර් මස සිට නව විදුලි අය ක්‍රමයක් ඇති කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඉන්පසු ලංකා විදුලි බලමණ්ඩලයේ ඉලක්කයක් වන රටපුරා විදුලිය බලය ලබාදීම 100% කින් සපුරා ගත හැකි බව අමාත්‍යවරයා ඊයේ (14දා) බොරුල්ල උපාධීධාරී කාන්තා සංගම් ශාලාවේ පැවති උත්සවයකදී සඳහන් කළේය.

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දකුණු කොරියාවේ ව්‍යාප්ත වෙමින් පවතින මර්ස් කොරෝසා වෛරසය (MERS COV.) මෙරටට ඇතුළුවීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

සියලූම පෞද්ගලික රෝහල් මගින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් වෙත නිකුත් කරන බිල්පත්වලට අදාළව සුවිශේෂී ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් දෙහිවල, ගල්කිස්ස හා රත්මලාන යන ප්‍රදේශවල වෙරළ ඛාදනය උග්‍ර වී ඇති බවට වෙරළාසන්නව පදිංචි වී සිටින ධීවර ජනතාව චෝදනා කරයි.

බැසිල්ට අැප

Published in පුවත්
Monday, 15 June 2015 11:00

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇප මත මුදාහැර අැත.

ld add copy

Connet With Us