මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් එක්‌කෝටි තිස්‌ලක්‍ෂයක මුදලක්‌ ලබාගෙන එ් මුදල් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවූ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්නගෙන් අද ප්‍රශ්න කිරීමට නියමිතය.

ඊයේ සන්ධාන පක්ෂ නායක හමුවේදී ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂ මහතාට කවරාකාරයකින්වත් සන්ධානයට සම්බන්ධ කර ගත යුතු නැති බවට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දැඩි ස්ථාවරයක සිට කරුණු දැක්වූවද ජාතික හෙල උරුමය නියෝජනය කරමින් පිවිතුරු හෙටක් සංවිධානය ගොඩ නාගාගෙන වෙනම දේශපාලනය නිරතවන අතුරලියේ රතන හිමි පවසා ඇත්තේ පුද්ගලයන් සමඟ ප්‍රශන ඇති කර නොගත යුතු බවත් අපට ප්‍රශ්න ඇත්තේ ප්‍රතිපත්ති සමඟ පමනක් බවය, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්තිමය එකඟ තාවයකට පැමිණෙන්නේ නම් ප්‍රශ්නයක් නැති බව රතන හිමි පවසා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නම යෝජන ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාන්දර 1.30ට පමණ අවසන් වූ සාකච්ඡාවකින් අනතුරුව එකඟවී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම කණ්ඩායමට එක්සත් ජනතා නිදස් සන්ධානයේ නාම යෝජනා ලබා දුන්නත් භාර නොගන්නා බව බැසිල් රජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් යන අය විසින් සංවර්ධන යෝජනා ක්‍රම තුළින් අයථා මුදල් ඉපයීමත් සිදුකර ඇති බවට දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට පැමිණිල්ලක ගොනු කර තිබේ.

රාජපක්ෂ පවුල අලුත් අවුරුද්ද සමරා ඇත්තේද ආණ්ඩුවේ මුදල් වලින් බවත් දුප්පතුන් කිරිබතක් පිස ගැනීමට වත්කමක් නැතිව දුක් විදිද්දී රාජපක්ෂලා ආණ්ඩුවේ මුදලින් අවුරුදු කෑම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (02) පැවති හෙළිරදරව්ව 08 මාධ්‍ය හමුවට එක්වෙමිනි.

බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිය අද(02) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැදවා ඇත.

රටට අවශ්‍යය පවුලක දරුවන් හොඳට ඉගෙනීමට නොව මුළු රටේම දරුවන්ට ඉගෙන ගැනීමට වාතාවරණයක් සැකසීම බවත් රටේ අනාගතය දූ දරුවන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය ෆේස් බුක් ගිණුමට අද (02) ප්‍රකාශයක එක්කරමින් ඔහු මෙම අදස් දැක්වීය.

ld add copy

Latest News

මන්නාරමේ 157දෙනෙකු මුදා ගනී

මන්නාරමේ 157දෙනෙකු මුදා ගනී

අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ...

Connet With Us