සහල්වල මිල ගණන් පහත දැමුවේ පිරී පවතින සහල් ගබඩා නිදහස් කිරීමේ අරමුණෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මැදවච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින්ය.

සබරගමුව මහ ඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදාගත් පළාත් සභාවට අයත් ජීප් රථයක ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් එහි රියාදුරා ලබන 22 දක්වා රිමාන් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් මයිකල් මැචාඩෝ මහතා නියෝග කළේය.

ගන්ජා කීලෝ 3ක් සමග සබරගමුව පළාත් සභා මහ ඇමති මහීපාල හේරත්ගේ ආරක්ෂක රථය මීට ස්වල්ප මොහොතකට පෙර පොල්ගහවෙල සුරාබදු නිලධාරීන් විසින් පොල්ගහවෙල නගරයේදී අත්අඩංගුට ගෙන තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව රාජපක්ෂ රෙජීමය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කර අද(18 ) දින 2000ක් සම්පූර්ණ වෙයි. මේ හේතුවෙන් අද මෝදර කාලි කෝවිලේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද සන්ධ්‍යා ප‍්‍රියංගනී එක්නැලිගොඩ ගේ මූලිකත්වයෙන් විරදම් අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුණි.

ඊයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලියට සමස්ත අධිකරණ පද්ධතියම මුලාවකට ලක් කළ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ද ගොඩවූයේය. ඔහුට එහිදී පවසන්නට තිබුණේ අපේ හිතවත් මෛත්‍රීපාල සිරිසේන දැන් වෛරී සිරිසේන බවට පත් වී ඇති බවකි.

මහා පරිමාණ වංචා හා දූෂණ චෝදනා එල්ලවූවන් ප්‍රසිද්ධ සාක්‍ෂි විභාග සඳහා කැඳවීම අගෝස්‌තු මස 20 වැනිදා දක්‌වා කල් දැමීමට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භික්ෂුන් වහන්සේ 150 නමක් පමණ ඉදිරිපත්ව ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්. එම්. එල්. රත්නායක මහතා කීය.

එළඹෙන මහ මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් මැතිවරණයෙන් පසු නිශ්චිත කාල සීමාවක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයන් පිරිසක් දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ld add copy

Latest News

හරිනි ස්විට්සර්ලන්තයට

හරිනි ස්විට්සර්ලන්තයට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අද (19) උදෑසන අග්...

Connet With Us