එජනිස කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී දෙ‍ාන් මහිමගේ පුෂ්පකුමාර සිය යතුරු පැදිය මත නැග මෙතෙක් ක්‍රියාත්මක නොවූ කහ ඉර පිළිබද බලධාරීන්ගේ අවධානය යොමු කර ගැනීමේ උත්සාහයක අද(10) නිරතවුණි.

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය වෙනුවෙන් වන සම්මානය සූරූපී නිළි උදාරි වර්ණකුලසූරිය මහත්මියට ලබා ගැනීම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය අසාධාරණ ලෙස ප්‍රචාරක කටයුත්තක නියැලී සිටින බව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ බර පතල චෝදනාවක් එල්ල වෙමින් තිබේ.

පසු ගිය රාජපක්ෂ ආණ්ඩුව සේවකයින්ගේ ඉල්ලීම් කප්පාදු කර සමෘද්ධි බැංකු මුදල් හා සේවක අර්ථ සාදක මුදල් උදුරා ගැනීමේ උත්සාහයක නිරතවූ බවත් දැන් පවතින යහපාලන ආණ්ඩුව සේවක ප්‍රශ්න පිළිබදව මුලදී නම්‍යශීලි බවත් පෙන්වා දැන් එම ප්‍රශ්න මග හැර යාමේ උත්සාහයක නිරත වන බව සමුද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමහල්ගේ පවසයි.

"අනේ ඔයා කොහොම හිටියත් මට ලස්සනයි.........". ගොඩක් පිරිමි තමන්ගෙ පෙම්වතියට, බිරිඳට කියන්නෙ ඔය කතාව. ඒත් ඉතින් පිරිමිත් කැමතියි තමන්ගෙ සහකාරිය ලස්සනට ඉන්නවා දකින්න. ලස්සන වෙන්න කියල අපි අනුගමනය කරන බොහෝ විලාසිතා නිසා තියෙන පෙනුමත් නැතිවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. පිරිමින් ආකර්ෂණය නොවන එවැනි විලාසිතා කිහිපයක් මෙසේයි.

සිරස රූපවාහිනීයේ අයිතිකරුවා වන කිලී මහරාජ නොහොත් රාජේන්ද්‍ර රාජාමහේන්ද්‍රන් වත්මන් ජනාධිපතිවරයාවද අල්ලේ නටවන රූකඩයක් කර ගෙන තිබෙන බව පැහැදිලි බව දේශපාලන විචාරකයන් පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මල් වට්ටි රැගෙන පන්සල් ගියත්,ගෞතම බුදුන්ගේ විද්‍යාව වෙනුවට ඔහු අල්ලා ගත්තේ සුමනදාස අබේගුණවර්ධනගේ අවිද්‍යාව බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.

පාසල් වල පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු උපරිම ළමුන් සංඛ්‍යාව 35 දෙනෙකුට සීමා කිරීමට පියවර ගතයුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.ඒ අනුව 2016 වර්ෂයේ සිට පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු ළමුන් සංඛයාව 35 දෙනෙකු බව එම අමාත්‍යාංශය පවසයි.

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද(10)නියෝග කර තිබේ.

ld add copy

Connet With Us