දුම්රිය තාක්ෂණ ශිල්පී සේවයේ තනතුරු 22 ක් සදහා MT-2 වැටුප් තලය ලබා දීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර හා අමාත්‍යාංශ ලේකම් ලලිත් ගුණවර්ධන මහතා එකගවී අැති බව දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය සදහන් කරයි.

අවම බස් ගාස්තුව රුපියල් 10ක් ලෙසත් අනෙක් ගාස්තු 10% කිනුත් ඉහළ දමන ලෙසට බස් සංගම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර අැත.

මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදාගැනීමේදී ගැටලු උද්ගත වී තිබේ.

සංවර්ධනය මුවාවෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ නිවැසියන් ඉවත් කිරීමේ කටයුතු වහාම නතර කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

මාර්ග නීති උල්ලංඝනය කරන යතුරු පැදිකරුවන්ට එරෙහිව ඊයේ (10 ) සිට දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමට පොලිස්‌ රථවාහන අංශය කටයුතු ආරම්භ කර ඇත.

20 ට TNA විරුද්ධයි

Published in පුවත්
Thursday, 11 June 2015 09:48

එජාපය විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනවලිය සඳහා දෙමළ ජාතික සන්ධානය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තීරණය කර අැති බව වාර්තා වේ.

ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ඉතා දීර්ඝ ශිෂ්ඨාචාරමය ඉතිහාසයක් ඇති දකුණු ආසියානු රටවලට දැනුම පදනම් කරගත් ආර්ථිකය ඓතිහාසික උරුමයක් බව ඉන්දියාවේ හිටපු ජනාධිපති හා ශ්‍රේෂ්ඨ විද්වතෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමා පසුගිය ජූනි 08 වැනිදා ප්‍රකාශ කළේය. එතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ඒ මහතාගේ දිල්ලි නිල නිවසේදී හමුවූ අවස්ථාවේදීය.

මෙම වසර අවසානයේදී සියලූම ශ්‍රීලාංකිය ඩයස්‍පෝරා සංවිධාන මෙරටට ගෙන්වා ඩයස්‍පෝරා සැණකෙළියක් පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සැලසුම් කර ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහිෂිනී කොලොන්නේ මහත්මිය ප්‍රකාශ කළාය.

ld add copy

Connet With Us