දැදුරු ඔය වනසන ජිෆීට යහපාලනයෙන් තල්ලුවක්

Saturday, 25 April 2015 16:18

පොල් කොහු ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන ජිෆී ප්‍රඩක්ට් ආයතනයේ කොබෙයි ගනේ කර්මාන්ත ශාලාව හේතුවෙන් දැඩි පරිසර හානියන් වන බවට චෝදනා ‍රැසක් එල්ල වී තිබෙන මුත් ඒ සම්බන්ධයෙන් සාධනීය පියවරක් අදාල රාජ්‍ය නිළධාරීන් ගෙන තිබුණේ නැත.

මේ සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය ද හෙළි දරව් කිරීම් කිහිපයක්ම පල කළෙමු.

කෙසේ නමුත් මෙම කර්මාන්තායතනේ නිශ්පාදනයන් ගැන ඇගයුමක් ලෙක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පත විසින් කර තිබෙණු දක්නට ලැබුණි.

මෙහි ගැටලුව තිබෙන්නේ දැදුරු ඔය හා අවට පරිසරය වනසන බවට ප්‍රදේශවාසීන්ගෙන් හා පරිසර වේදීන්ගේ චෝදනා එල්ල වීමත් සහ එම ආයතනය විසින් ප්‍රදේශවාසීන්ට කළ තර්ජනයන් ගැනත් පැමිණිලි ලැබී තිබෙන ආයතනයක් වෙනුවෙන් සිළුමිණ ඉඩ වෙන් කරන්නේ අද පරිසර ඇමැතිධුරයේ වගකීම ජනාධිපතිවරයා අත තිබියදී වීමය.

රටට ලැබෙනවාය කියන කෝටි එකසිය හැට දැදුරු ඔයට හා ඒ අවට ජනතාවට වඩා වටින්නේ කෙසේ දැයි යහපාලනයෙන් අර්ථ දැක්වෙන විදිහත් සිළුමිණෙන්ම පැහැදිලි කරන්නේ නම් මැනවි.

එමඟින්, බැසිල්ගේ අනුග්‍රහය ලැබූ කාලයේ ජිෆී ආණ්ඩුවට හොඳවීම විය හැකි නමුත් දැන් හොඳ වුණේ කොහොමදැයි ගැටලුවට උත්තරයක්ද අපට ලැබිය යුතුය.

සිළුමිණ ලිපිය පහත දැක්වේ.


සැබැඳි පුවත් :

ජිෆී අධිකරණ නියෝග බල්ලට දමයි. දැදුරු ඔයට වසවිස දිගටම මුදාහරියි (video)

බැසිල්ගේ ජිෆී තහනම් කරනු ! ජනතාව පාරට බසියි

දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

af6-3පස වෙනුවට යොදාගත හැකි විකල්ප වගා මාධ්‍යයක් හඳුනාගැනීමට උනන්දු වූයේ නොර්වේජියානු ජාතිකයෝය. මෙහි ප්‍රතිඵල වූයේ පීට් නම් ඛනිජ වර්ගය හඳුනා ගැනීමයි. 1953 දී සිදු වූ මේ හඳුනාගැනීමත් සමඟ ගොවියෝ සහ හරිතාගාර හිමියෝ පීට් වගා මාධ්‍යයක් ලෙස යොදාගැනීමට උනන්දු වූහ. ඛනිජ වර්ගයක් ඒ කාර්ය සඳහා දීර්ඝ කාලීනව යොදාගැනීමේ දී අත් වූ ඉරණම වූයේ පාරිසරික තර්ජන ඇති වීමයි. ඒ සියල්ල ජය ගැනීමේ විකල්පය වූයේ සුදුසු වගා මාධ්‍යයකට නැවතත් විතැන් වීමයි. ඒ අභියෝග ජය ගැනීම එතරම් අපහසු නොවූයේ ඕනෑ තරම් කොහුබත් තිබීමයි. කොහු මෝල්වලින් ඉවත ලන කොහුබත් යොදාගෙන ඒ වගා මාධ්‍ය නිර්මාණය කිරීමට හැකි බව සොයාගැනීමත් සමඟ; ඉන් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත හැකි බව අනාවරණය කරගත්තේය.

කොහු මෝල්වලින් ඉවත් කරන කොහුබත් ක්ෂණිකව වගා මාධ්‍යයක් වශයෙන් යොදා ගැනීම ප්‍රතිඵල දායක නොවේ. එයට හේතුව කොහුබත්වල අධික ලෙස පොටෑසියම්, සෝඩියම් හා ක්ලෝරයිඩ් අඩංගු වීමයි. ඒ සංඝටක ඉවත් කිරීමෙන් පසු සාර්ථක වගා මාධ්‍යයක් ලෙස කොහුබත් යොදාගැනීමට හැකි වේ. ජලයෙන් සේදීමේ දී රසායනික සංඝටක ඉවත් වුවත්; සියුම් කොටස්වල රැඳී පවතින අංශු ඉවත් නොවේ. ඒ සඳහා කැල්සියම් නයිට්‍රේට් හෝ මැග්නීසියම් නයිට්‍රේට් ජලයට එකතු කිරීමෙන් සෝදයි. අනතුරුව ජලය ඉවත් වන තුරු වේළාගනියි. මේ සියලු කාර්යයන් සාර්ථකව නිම වූ පසු වගා මාධ්‍යය සඳහා කොහුබත් සුදුසු වේ.af6-4

ස්වාභාවිකව වගා ක්ෂේත්‍රයක් සඳහා සුදුසු වන්නේ පසයි. වගාව පෝෂණය කිරීමට හැකිවන ආකාරයට පෝෂණ කොටස් හා අංශු මාත්‍ර මූලද්‍රව්‍යයන් ලබා දීමෙන් සාර්ථක අස්වැන්නක් නෙළාගැනීමට හැකියා ලැබේ. පසට වඩා සැහැල්ලු මාධ්‍යයක් වන කොහුබත්වලට මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන්ම සපුරාලීමට හැකියාව ලැබේ. බින්දු ජල තාක්ෂණය හරහා පහසුවෙන් වගාව කෙරෙහි පෝෂණ කොටස් කාන්දු කිරීමේ හැකියාව තිබේ.

කොහුබත්වල අඩංගු වගා මාධ්‍යයකට ආවේණික ලක්ෂණ

• ශාකයක් හෝ පැළයක් ශක්තිමත්ව රඳවා තබාගැනීමට හැකි වීම. කොහුබත් වල ඇති ලිග්නික් නමැති ද්‍රව්‍ය මේ සඳහා උපකාරී වේ.

• ඉක්මනින් දිරාපත් නොවීම.

• ඔක්සිජන් ගමන් කිරීමට හැකිවන ආකාරයට පසේ මෙන් කොහුබත්වල ද කුටීර පැවැතීම.

• ජලය රඳවාගැනීමට ඇති හැකියාව.

af6-1කොහුබත්වල පවතින මේ සුවිශේෂත්වය නිසා පෙලට් නිෂ්පාදනය සඳහා කොහුබත් තෝරාගැනීමට ජිෆී ආයතනය තීරණය කළේය. අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම වෙනුවට අමුද්‍රව්‍ය ආසන්නයට ගොස් තම නිෂ්පාදන ඇරැඹීමට ආයතනයේ අරමුණ විය. පුංචි දැල් කවරයකට කොහුබත් පුරවා පීඩනයට ලක් කිරීමෙන් කැටි කර සාදන ලද ජිෆී පෙලට් අවශ්‍ය විට වතුර දමා ඉහිල් කිරීමෙන් නිසි ලෙස වගා මාධ්‍ය සපුරාලයි.

ඒ පිළිබඳ ශ්‍රී ලංකාවේ කොහුබත් ආශ්‍රිත පෙලට් නිෂ්පාදනය කරන ජිෆි ආයතනයේ කෘෂි විද්‍යාඥ අජිත් ගුණසේන මහතා අදහස් පැහැදිලි කරමින් '' ආයෝජන ප්‍රවර්ධන ආයතනයේ ලියාපදිංචි සමාගමක් ලෙස ලියාපදිංචි කරලා අවුරුදු එකළොහක් විතර වෙනවා. 2003 මෙරටට නිෂ්පාදන කටයුතු සඳහා පැමිණියාට 2004 දී නිෂ්පාදන කටයුතු ඇරැඹුවා. කොහුබත්වලින් සාදන පෙලට් නම් මාධ්‍ය වගාව සඳහා යෝග්‍ය බව අපිට පර්යේෂණවලින් අවබෝධ වුණා. පෙලට් එකේ වගා කිරීමෙන් පසු වගා මලුවලට පැළය මාරු කරන්නත් පුළුවන්. නැති නම් අපට පැළ ක්ෂේත්‍රයට මුදා හරින්නත් හැකියාව තියෙනවා. පෙලට් එකේ මූල පද්ධතිය හොඳින් වැඩෙනවා. ශක්තිමත්ව වැඩෙන මූල පද්ධතිය නිසා පළිබෝධ සහ ලෙඩ‍රෝග ඇතුළත් වීම වළකිනවා. පෙලට් එකේ පැළය වගා ක්ෂේත්‍ර මුදා හැරීමෙන් නිරෝගීව වර්ධනය වෙනවා. ස්ට්‍රෝබෙරි වගාව හා පටක රෝපණයෙන් කරන කෙසෙල් වගාව සඳහා මෙම ක්‍රමය යෝග්‍යයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, පේරාදෙණි, සබරගමු, වයඹ විශ්වවිද්‍යාල හා කුණ්ඩසාලේ කෘෂි විද්‍යාලය මේ සඳහා අපට සහයෝගය දෙනවා. ලංකාවේ ගොවීන් අතර ප්‍රචලිත කිරීම සඳහා අපි බොහෝ උත්සහායක නිරත වුණා. එහෙත් ලංකාවේ ගොවීන් මේ සඳහා හුරු කරන එක ඒ තරම් ම ලේසි නැහැ. එකට හේතුවක් තියෙනවා. මිනිසුන්ගේ ආකල්ප සංවර්ධනය නොවීමයි.af6-2

2014 වර්ෂයේ දිවි නැඟුම සඳහා ලංකාවේ පැළ තවාන්වලට මිලියන 12ක් ලබා දුන්නා. යුරෝපය, ඇමරිකාව, ඉන්දියාව, ඕ‍ස්ට්‍රේලියාව වැනි රටවලින් පෙලට් හා වගා මලු සඳහා ඉල්ලුමක් තියෙනවා.

අපේ කර්මාන්තශාලා හතරක් ලංකාවේ තියෙනවා මින් මීරිගම කර්මාන්තශාලා දෙකකුත්, කොබෙයිගනේ සහ නිකවැරටියේ කර්මාන්තශාලා එක බැගිනුත් තියෙනවා. සේවකයින් එක්දහස් දෙසීයක් පමණ වැඩ කරනවා. දළ ජාතික නිෂ්පාදනයට පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් එකතුවෙන වටිනාකමක් ලෙස අපේ නිෂ්පාදනත් එකතුවෙනවා. පසුගිය වසරේ ‍රුපියල් කෝටි එකසිය හැටක විදේශ විනිමයක් ගේන්න අපේ කොහු ආශ්‍රිත නිෂ්පාදනවලට හැකි වෙලා තියෙනවා. 2013 වර්ෂයේ හොඳම පොල් ආශ්‍රිත නිෂ්පාදකයා ලෙස සම්මාන දිනාගැනීමට අපේ සමාගමට හැකිවුණා. පොල් ගසේ සෑම කොටසකම ආර්ථික වටිනාකමක් තියෙනවා. කොහුබත් කියලා ඒවා ඉවත්කරන්න බැහැ. ඒවගේම ඒවායේ විවිධ ප්‍රයෝජන තියෙනවා. ඒ ප්‍රයෝජන හඳුනගෙන කටයුතු කිරීම අපට වාසි සහගතයි. සමහර ද්‍රව්‍යයන්ගෙන් ආර්ථික වටිනාකමක් ගන්න හැකියාව තිබියදීත්, අපේ නොසැලකිල්ල නිසා අපෙන් මඟහැරී යනවා. දියුණු වෙන රටක් වශයෙන් ලංකාව මේ තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍යයි.”

පස නොමැති වුවත් ඕනෑම ස්ථානයක වගා මාධ්‍යයක් ලෙස යොදාගැනීමට පෙලට් වලට හැකියාව ඇත. වැය‍ වෙන්නා වූ සුළු වියදම පිළිබද එතරම් තැකීමක් නොකරන්නේ නම් සාර්ථක වගාවක් බිහි කරගැනීමට හැකියාව ‍ලැබෙනු ඇත.

රූපාන්ති බුලත්සිංහල
sulumina

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us