ජිෆී අධිකරණ නියෝග බල්ලට දමයි. දැදුරු ඔයට වසවිස දිගටම මුදාහරියි (video)

Published in පුවත්
Wednesday, 04 February 2015 10:58

නිකවැරටිය කොබෙයි ගනේ පවත්වගෙන යන පොල් කොහු ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවක වන ජිෆී ප්‍රඩක්ට් සමාගමට (Jiffy Products S. L) එරෙහිව දැදුරු ඔයට අපජලය මුදා හැරීම අත් හිටවියයුතු බවට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණද ඒ නොතකා තවමත් එම අප ජලය දැදුරු ඔයට මුදා හරිමින් තිබේ.

මීට දින කිහිපයකට පෙර මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පටිගත කරන ලද වීඩියෝවක් මේ සමඟ දැක්වේ. රසායන ද්‍රව්‍යයන් යොදා කොහු පිරිසිදු කිරීමෙන් පසුව එම අප ජලය කුඩා ඇල මාර්ග හරහා දැදුරු ඔයට මුදා හැරෙන ආකාරය ඉන් පැහැදිලිව පෙනෙයි.

මෙම ආයතය සම්බන්ධයෙන් පරිසර නිති කිසිවක් වලංගුව නැති අතර පසුගිය පාලන සමයේදී හිටපු ආර්ථික සංවර්ධන ඇමැතිවරයා සිය දේශපාලන බලය යොදා ගෙන මෙම ආයතනයේ පරිසර විරෝධී ක්‍රියාවලිය ආරක්ෂා කරනු ලැබීය. තතු දත් ආරංචි මාර්ග පවසන්නේ මෙම සමාගමට එම ඇමැතිවරයාගේ හිමිකාරිත්වයක් ඇති බවය.

මීට දින කිහිපයකට පෙර මෙම කර්මාන්ත ශාලාවට එරෙහිව ජනතා උද්ඝෝෂණයක්ද පැවැත්විනි.

jiffy-daduru-oya.1

සැබැඳි පුවත් :
බැසිල්ගේ ජිෆී තහනම් කරනු ! ජනතාව පාරට බසියි

දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

Last modified on Wednesday, 04 February 2015 10:59

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us