පාර්ලිමේන්තුවට ජනතාව විසින් ම පත් කළ නියෝජිතයන් පිස්සු කෙළින නිසා ජනතාවට ඒ බලය කෙළින්ම ලබා දිය යුතු බවට සංවාදයක් මතු ව තිබේ. හරි හමන් නියෝජිතයෙකු පත් කර ගන්නට නොහැකි ජනතාවක් තමන් විසින් ම තීන්දු ගැනීමේ දී නිවැරදි තීන්දු ගන්නේ කෙසේ දැයි යන මූලික ප්‍රශ්නය මොහොතකට පැත්තකින් තබා සිදු විය හැකි දේ කුමක් ද යන්න දෙස බලමු.

තමන් සතුව විදුලිය නිපදවන එකදු බලාගාරයක් හෝ නොමැති ලංකා විදුලි සමාගම සිය පාරිභෝගිකයින් වෙනුවෙන් විදුලිය මිලදී ගන්නේ ලංකා විදුලි බල මණ්ඩලයෙනි. එසේ මිලදී ගත් විදුලිය සිය පාරිභෝගිකයන් වෙත නැවත විකුණා එම සමාගම 2020 වසරේදී රුපියල් බිලියන 2.6 ක්, 2021 වසරේදී ලබාගෙන තිබෙන ලාබය රුපියල් බිලියන 2.7 ක් පමණ වන බව වාර්තා වී ඇත.විදුලි බල සමාගම සිය සේවා සපයනේ බස්නාහිර පළාත, ගාල්ල දිස්ත්‍රික්කය වැනි සීමාසහිත ප්‍රදේශ කිහිපයකට පමණි.

උනුත් එක්ක මුනුත් එකයි සටන් පාඨය දේශපාලන වේදිකාවට ගෙන ආවේ ජවිපෙයයි. මාරුවෙන් මාරුවට ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක ආණ්ඩු බලය අත්පත් කරගැනීමෙන් රටට සුගතියන් නොවුනු බව ජවිපෙ සිය ආරම්භක අවදියේ පටන්නම ජප කළ මන්තරයයි.

පුරවැසි අරගලය ආරම්භ වූයේ එදිනෙදා ජන ජීවිතය පත්වාගෙන යෑමේ අසීරුතාවයන් පදනම් කරගෙන, පාලකයන්ගෙන් තමන් වැටී තිබෙන අසරණ භාවයෙන් මුදවාලන්නය, කියන ඉල්ලීම සමගය. පාලකයන්ගෙන් විසඳුම් නැතිවෙන විට එය පාලකයා පන්නා දමන අරගලයක් බවට පත් විය.

මන්ත්‍රීවරු නැතිනම් මහජන නියෝජිතයින් එම ධුර වලට ජනතාව විසින් ‍තෝරා පත්කර යවනු ලබයි. පවතින මැතිවරණ ක්‍රමය අනුව එය සිදුවෙයි. කොහොම නමුත් ජනතාව විසින් ‍තෝරා පත්කර අදාල ආයතනයකට යවනු ලබන නියෝජිතයා මහජනතාවගේ නියෝජිතයා වෙයි. ඔහුව හෝ ඇයව ජනතාව විසින් ‍තෝරා පත් කරගන්නා ලද්දේ ඔහු නියෝජනය කරන කණ්ඩායමක ප්‍රතිපත්ති හෝ නියෝජිතයාගේ පෞද්ගලික ප්‍රතිපත්තීන් හෝ යම් හේතුවක් ඇතිවය.

නීතියේ ආධිපත්‍යය හැම විටම වැදගත්ය. එය බිඳ දැමුව හොත් අප නැවත ගමන් කරන්නේ වනචාරී යුගයක් කරා බව සිහි තබා ගත යුතුය.

ජනවරම යන වචනයට අර්ථකතන දීමේදී සැලකිය යුතු කාරණා ගැන වැඩි මනත් දෙයක් කීමට තරම් විශේෂ දැනුමක් මේ ලියුම්කරුට නැත. එය සරළව ගත්තොත් ජනතාව විසින් දීපු වරමකි. මේ ජනතාව කියන්නෙ කවුද ? මේ වරම කියන්නේ මොකක්ද යන්න ඒ ඒ අවස්ථාවේදී පවතින වපසරිය අනුව සහ ඒ ගැන පවසන්නාන්ගේ අවබෝධයන් යනුව වෙනස් විය හැකිය.

ගාලු මුවදොර අරගලයේ මූලික ( මුල් අවස්ථාවේ එකම) ඉල්ලීම වූයේ ජනාධිපති ගෝඨාභය තනතුරෙන් ඉල්ල අස්විය යුතු බවය. රට මුහුණ පා තිබෙන සකල විධ අර්බුදයන්ට හේතුව වූයේ ජනාධිපතිවරයා ලෙස ගෝඨභය ගත් තීන්දු තීරණ වල මුග්ධ භාවයය. ඒ සඳහා ඔහුට උපදෙස් දුන්නේ ඔහුව පෙළඹ වූයේ කවරෙක් නමුත් වගකිව යුත්තා ඔහුය. අර්බුදය හැදුවේ මම නොවේය කියමින් එම වගකීමෙන් ගැලවීමට ඔහු නොමේරු උත්සාහයක් ගත්තද ඒ කිසිසේත්ම පිළිගත නොහැක.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us