මොහාන් රාජ් මඩවල ගේ ‘‘ආදරණීය වික්ටෝරියා’’ කෘතිය පිළිබඳ ‘‘ත්‍රිමාණ කියැවීමක්’’ යනුවෙන් නම් කළ කතාබහක් පසුගිය 10 වන දින කොළඹ 07 ක්‍රීඩාගාර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්විණි. එහි දී අදහස් දැක්වූ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පැවසූ ඇතැම් කරුණු ඉතාමත් සාධනීය වුව ද උන්වහන්සේගේ ඇතැම් අදහස් හුදු අවස්ථාවාදී, වාසි පැත්තට හෝයියා, සහ වළඳන්නට සිතුණ විට කබරගොයි මාශ ද තලගොයි මාංශ යැයි නම් කරන ආකාරයේ අදහස් ගොන්නකි.

බුදුන් වහන්සේගේ දේශනාවට අනුව මෙන් ම නීතියට අනුව ද සොරකම් කිරීම වරදකි. සොරකම් කිරීමට උදව් කිරීම ද වරදකි. සොර බඩු ළඟ තබා ගැනීම ද භාවිතා කිරීම ද වරදකි. එහෙත් මත්පැන් බීම හෝ නිෂ්පාදනය කිරීම හෝ භාවිතය ඍජු වරදක් ලෙස දක්වා නොමැත.

තමා ජනාධිපතිවරණයෙන් බලයට පත්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීම තමාගේ අරමුණක් වන බව, දින 100 වැඩ සටහන තුළ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සඳහන් කොට තිබූ බවක් අප දැක නැත. ජනාධිපතිවරණ වේදිකාවේ කිසි අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන එවැන්නක් කියනු අප අසා ඇත්තේද නැත.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා එක්සත් ජාතින් හමුවේ සමරිසි අයිතීන් වෙනුවෙන් එකඟතාවය දැක්වීම ශ්‍රී ලංකාවේ දන්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමක් බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අත් අඩංගුවට ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ පුද්ගලයන් කුමන හෝ පක්ෂයක නායකයෙකු හෝ නායිකාවක් වුණි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේ දී තරග කෙළේ සන්ධානයකින් වුවද, ඒ අවස්ථාවේ ඔහු කිසි පක්ෂයක නායකයෙකු නොවුණු හෙයින්, එදා ඔහු පෙනී සිටියේ පොදුවේ මුළු රටේම ජනතාව වෙනුවෙනි. එපමණක් නොව, වෙනත් පක්ෂයක නායකයෙකුව අගමැති තනතුරට යෝජනා කළ පළමු අවස්ථාවත් එයයි. තවද, තමා ජයග්‍රහණය කළොත් අනිත් පක්ෂවලටත් එම අළුත් ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා කරමියි ඔහු පොරොන්දු විය. මේ රටේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී මේ සියලූ දේවල් අසාමාන්‍ය කාරණා වන්නේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි විපක්ෂය විසින් කියන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස බංගය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ නිවේදනයේ කියැවෙන්නේ '... මෙතරම් මන්ත්‍රීවරු ප්‍රමාණයක් අත්සන් තැබීම පුදුමයට කරුණක් නොවන බවය..' ඒක හැබෑය. හරිනම් තව තිස් හතලිස් දෙනෙකුවත් මීට අත්සන් තැබිය යුතුය. මන්ද එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාට ඇති පාර්ලිමේන්තුව තුල ඇති බලය මන්ත්‍රීවරු 45ක පමණ ප්‍රමාණයක් වීමය. මන්ත්‍රීවරු හතලිස් ගනනක ආණ්ඩුවක අගමැතිවරයකුට එරෙහිව ඉතිරි එකසිය අසූවක පමණ පිරිසම අත්සන් නොකිරීම ගැටලුවකි. එම ගනන හිලවු අනුව අගමැතිවරයාව විස්වාස කරන තවත් 70ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටී.. එයද පුදුමයට කරුණකි.

පසුගිය 06 (2015-06) වන දින ‘‘ජාතික ගැටලුවට විසඳුමක්’’ යන මැයෙන් කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ පැවති සම්මන්ත්‍රණයේ දී ෂෙරාඩ් පියතුමා දැක්වු කරැණු අපි මීට පෙර ඉදිරිපත් කළෙමු. අද අපි ඉදිරිපත් කරන්නේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මකෝ ගනේෂන් මහතා එදින ඉදිරිපත් කළ අදහස් ඇසුරෙන් සකසන ලද ලිපියකි.

‘‘ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක්’’ යන මැයෙන් විවෘත සාකච්ඡාවක් පසුගිය 30 වන දින (2015-05-) කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්විණි.

එහි දී අදහස් ඉදිරිපත් කළ ෂෙරාඩ් පියතුමා සිය අවධානය යොමු කළේ මේ රටේ විදේශ විනිමය උපයන තුන්වන ශ්‍රම බලකාය වන වතු කම්කරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙනි. සැබැවින් ම අපි කිසිවකු මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකරන බව සහ ඒ පිළිබඳ දැනුවත් භාවයක් නැති බව ඒත්තු ගියේ එතුමාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ය. එහෙයිනි එතුමාගේ අදහස් දැක්වීම් මෙලෙස ඉදිරිපත් කිරීමට අදහස් කළේ.

විද්‍යා දියණියට මුහුණදීමට සිදුවූ ලිංගික බලහත්කාරයල එහි සාපරාධී බව, සාහසිකත්වය සහ අනුවේදනීයත්වය ගැන කීමට හෝ ලිවීමට වචන වලට නොහැකි වේය යන්න මගේ වැටහීමයි. එම සාපරාධී අපරාධය ඒ තරම්ම සාහසිකය. ඒ තරම්ම අනුවේදනීයය. ඒ තරම්ම ම්ලේච්ඡය. ලිංගික බලහත්කාරකම්වලින් සහ ලිංගික අතරවයන්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලංකාව තුල වුවද මෙම අපරාධය ඉතා දුර්ලභ ගනයේ එකකි. ලංකා සමාජය තුල දිනපතා ලිංගික අපරාධයන්ට ගොදුරු වන ස්ත්‍රීන් හෝ දැරියන් මෙන්ම ළමුන් ප්‍රමාණය අතිමහත්ය. පසුගිය වසර ගණනාව තුල මෙම සිංහල - බෞද්ධ රාජ්‍ය තුල ලිංගික බලහත්කාරය සහ අපයෝජනයන් පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තා වී ඇති අපරාධ ප්‍රමාණය 27937 ක් බව අධිකරණ අමාත්‍යවරයා පසුගිය සතියේ ප්‍රකාශ කරනු ලැබීය. මෙයින් පෙන්නුම් කරන්නේ ලංකා සමාජය තුල ලිංගික බලහත්කාරය ඉතා සුළභ සිද්ධියක් බවට පත්වී ඇති බවයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us