මේ දිනවල රාත‍්‍රියට කොළඹ නගරය හැම තැනම පුංචි විදුලි බුබුළු වලින් අලංකාර කරලා. බැලූ බැල්මට මේක එක්තරා චමත්කාර උපදවන දෙයක්. ජනයා නගරයේ සංස්කෘතිය අත්විඳිනවා යයි කාට හරි හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම නාගරික පරිසරයක් ඇතුලේ වුණත් අද රටේ දියුණු හා සජීවි සංස්කෘතියක් තියෙනවාද? ඒ විදහේ සංස්කෘතියක් බෙදාහදා ගැනීමක් නැත්නම් තරමක් හෝ සාමුහිකව සංස්කෘතිය අත්විඳීමක් තිබෙනවාද? ”ජීවත්වීම” කියන දේ කෑම බීම, එදිනෙදා කටයුතු හා රැකියාවටත්, අනාගතය සඳහා මුදල් එකතු කර ගැනීම කියන තැනට ලඝු වෙලා තිබෙන මේ වගේ යුගයක, සංස්කෘතිය, කලාව කියන දේ නිකම්ම අහසට විසිවෙලා අමතක වෙලා යන දෙයක් බවට පත් වෙලා දුර බැහැර ප‍්‍රදේශවල කෙසේ වෙතත්, අඩුම ගණනේ කොළඹ නගරය ආශ‍්‍රිතව පවා සජීවි සංස්කෘතියක ජීවිතයක් අත්විඳින ප‍්‍රමාණවත් පිරිසක් සිටිනවාද කියන දේ සැක සහිතයි.
මරණ දඬුවම පිළිබඳ විවාදය: ඔබ පැත්තක් ගත යුතුව තිබේ - ජොනතන් පව(ර්)
මරණ දඬුවම පිළිබඳ ප්‍රථම වාර්තාගත පාර්ලිමේන්තු විවාදයක් අපට හමු වන්නේ ක්‍රිස්තු පූර්ව 427 දී ය. මිටිලේන් කැරලිකරුවන්ට එරෙහිව මරණ දඬුවම පැමිණවීමේ ප්‍රශ්නයට අදාළව ඇතන්ස් නුවර පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූ ඩියෝඩොටස්, මරණ දඬුවම දීමෙන් අපරාධ අධෛර්යමත් කිරීමක් සිදු නොවන බවට තර්ක කරමින්, එම කැරලිකරුවන්ව මරණ දඬුවමට පත්කිරීම වැළැක්වීය.
ඉදිරි මහ මැතිවරණයේදී එක පක්ෂයකටවත් බහුතරය ගන්න බෑ - මහාචාර්ය ජයදේව උයන්ගොඩ
ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින කීර්තිමත් බුද්ධිමතකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ සමඟ, කාලීන දේශපාලන කරුණු කිහිපයක් පාදක කරගනිමින්, පැවැත්වූ සාකච්ඡාවකි මේ.
මෛත‍්‍රී ඪී මහින්ද සාකච්ඡා පළමු කොටස අවසන් විය. (දෙවන කොටස ළඟදීම) ඔවුන් අතර සාකච්ඡා කළේ මොනවාද? කුමන කාරණයක් අරබයා සාකච්ඡා කළාද? මේ කිසිඳු පැනයකට පිළිතුරු නැත. අවම වශයෙන් රාජ්‍ය මාධ්‍යය හරහා හෝ කිසිඳු නිල ප‍්‍රකාශයක් සන්නිවේදනය නොවුණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හමු වීම ගැන පැහැදිළි කිරීමක් කරන ජනාධිපති මාධ්‍ය අංශය, වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සභාපතිවරයා වන බැවින් මෙවැනි හමුවක් “විශේෂ” දෙයක් නොවන බව කියා සිටී. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන ඩිලාන් පෙරේරා කියන්නේ, එම සාකච්ඡාව රනිල්ව එලවා දැමීම සඳහා පවත්වන බවයි.
මෙත් වඩන මෛත‍්‍රී කැකිල්ලේ රජු හමුවීම - නිලන්ත ඉලංගමුව
අපේක්‍ෂා කළ පරිද්දෙන් එය සිදු වූයේය. මොවුහු ප්‍රසිද්ධ විවාද වලට වඩා හොර දේශපාලන ගනුදෙනු වලට ඇලුම් කමක් දක්වති. අදාළ කතාබහා සිදු වූ භූමිය තුළ වශී ගුරුකම් කිරීමට කාලයක් තිබුණේදැයි දන්නේ නැත. නමුත් සුපුරුදු වශී බෝලය රැගෙන තමන් කැමති තීන්දුවට ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා පැමිණියේය.
හැංගිමුත්තන් නොකොට මෛත‍්‍රී කළ යුත්තේ මහින්දට ප්‍රසිද්ධ විවාදයකට ආරාධනය කිරීමය.
නිලන්ත ඉලංගමුව
නීතිය ක්‍රියාත්මක කළ යුතු හරයාත්මක දෑ අමතකකොට දමා අනෙකාගේ සමච්චලයට සහ උපහාසයට ලක්වන දෑ පසුපස හඹා යමින්, තමාත් තම ජයග්‍රහණයට උරදුන් අයත්, මුළු රටත් විපාකයේ හෙළීම තරම් විලිලජ්ජා සහගත මෙන්ම අසමත් වැඩපිළිවෙලක් තවත් නැත. අනෙකාට කෘතගුණ සැලකීම, අනෙකා අභියස බාල්දු වීමෙන් සහ අනෙකාගේ උගුල්වලට හසු වී මාධ්‍ය ඉදිරියටවිත් විරිත්තීමෙන් කළ නොහැකිය. එය කළ හැකිවන්නේ සිහි ණුවනින් යුතුව කටයුතු කිරීමෙන් සහ සෑමවිටම සැබෑ කටුකත්වය අවබෝධ කරගැනීමෙනි.
විවිධ හැලහැප්පීම් මධ්‍යයේ වුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට හැකිවීම ජනතා ජයග්‍රහණයකි. එහෙත් මෙය පරාජිතයාගේ ජයග්‍රහණයක් ලෙස ඔවුන් හදුන්වයි. එක් අතකට එහි සත්‍යයතාවක් නැතුවාම නොවේ. මන්ද මේ අනාථ රැළ නිරන්තරව ම උත්සාහ කළේ 19 වන සංශෝධනය කුජීත කර දැමීමට ය. එය කළ නොහැකි වූ විට ‘‘නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයක්’’ සේ ඒ සදහා විවිධ සංශෝධන එක් කරන්නට උත්සුක වූහ. ඉන් කිහිපයක් එක් කිරීම සම්බන්ධයෙන් ඔවුන් ස්වයං තෘප්තියක් ලැබීම එතරම් තැකිය යුතු නැත.
