හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හමු වීම ගැන පැහැදිළි කිරීමක් කරන ජනාධිපති මාධ්‍ය අංශය, වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සභාපතිවරයා වන බැවින් මෙවැනි හමුවක් “විශේෂ” දෙයක් නොවන බව කියා සිටී. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන ඩිලාන් පෙරේරා කියන්නේ, එම සාකච්ඡාව රනිල්ව එලවා දැමීම සඳහා පවත්වන බවයි.

අපේක්‍ෂා කළ පරිද්දෙන් එය සිදු වූයේය. මොවුහු ප්‍රසිද්ධ විවාද වලට වඩා හොර දේශපාලන ගනුදෙනු වලට ඇලුම් කමක් දක්වති. අදාළ කතාබහා සිදු වූ භූමිය තුළ වශී ගුරුකම් කිරීමට කාලයක් තිබුණේදැයි දන්නේ නැත. නමුත් සුපුරුදු වශී බෝලය රැගෙන තමන් කැමති තීන්දුවට ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා පැමිණියේය.

නිලන්ත ඉලංගමුව

නීතිය ක්‍රියාත්මක කළ යුතු හරයාත්මක දෑ අමතකකොට දමා අනෙකාගේ සමච්චලයට සහ උපහාසයට ලක්වන දෑ පසුපස හඹා යමින්, තමාත් තම ජයග්‍රහණයට උරදුන් අයත්, මුළු රටත් විපාකයේ හෙළීම තරම් විලිලජ්ජා සහගත මෙන්ම අසමත් වැඩපිළිවෙලක් තවත් නැත. අනෙකාට කෘතගුණ සැලකීම, අනෙකා අභියස බාල්දු වීමෙන් සහ අනෙකාගේ උගුල්වලට හසු වී මාධ්‍ය ඉදිරියටවිත් විරිත්තීමෙන් කළ නොහැකිය. එය කළ හැකිවන්නේ සිහි ණුවනින් යුතුව කටයුතු කිරීමෙන් සහ සෑමවිටම සැබෑ කටුකත්වය අවබෝධ කරගැනීමෙනි.

විවිධ හැලහැප්පීම් මධ්‍යයේ වුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට හැකිවීම ජනතා ජයග්‍රහණයකි. එහෙත් මෙය පරාජිතයාගේ ජයග්‍රහණයක් ලෙස ඔවුන් හ‍දුන්වයි. එක් අතකට එහි සත්‍යයතාවක් නැතුවාම නොවේ. මන්ද මේ අනාථ රැළ නිරන්තරව ම උත්සාහ කළේ 19 වන සංශෝධනය කුජීත කර දැමීමට ය. එය කළ නොහැකි වූ විට ‘‘නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයක්’’ සේ ඒ සදහා විවිධ සංශෝධන එක් කරන්නට උත්සුක වූහ. ඉන් කිහිපයක් එක් කිරීම සම්බන්ධයෙන් ඔවුන් ස්වයං තෘප්තියක් ලැබීම එතරම් තැකිය යුතු නැත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත විය. මන්ත්‍රීවරු 212 ක් පක්ෂවත්, එක් මන්ත්‍රීවරයෙක් විරුද්ධවත් ඡන්දය පාවිච්චි කළහ. තවත් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටි අතර මන්ත්‍රීවරු 10 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියහ.

දේශපාලනික වශයෙන් හෝ වෙනත් ඕනෑම කරුණක් වෙනුවෙන් අන්‍ය මත දරන්නන්ට වෙනත් පාර්ශවයන් වෙතින් විවිධාකාරයේ තාඩන පීඩන එල්ල වේ, මැර ප්‍රහාර එල්ල වේ. ඇතැම් විට මෙම විරෝධය මරා දැමීම දක්වා දිව යයි. මේ සියලු අමානුෂික ක්‍රියා මෙරට මතු නොව ලෝකයේ බොහෝ රටවල සිදු වේ.

මීටත් වඩා බකතපස්කාරයන් තවත් නම් සිටිය නොහැක. පාර්ලිමේන්තු සභා ගැබේ රතු විල්ලූද පොළොවේ වැතිරී, ගී ගයා, බූරු ගසා, කෝලමෙන් සැපක් ගත් ජනතා නියෝජිත පිරිසක්, සිය පරාජිත නායකයාගේ නාමයෙන් යැයි කියමින් මැදියම් රැය දක්වා නිදිවැරූහ. බැටළුවන් වෙනුවෙන් දිවි දීම යහපත් එඬේරාගේ සිරිතයි. මේ බැටළුවන් කෙළේ, පය පැටලී ප්‍රපාතයෙන් ඇදවැටුණු එඬේරා වෙනුවෙන් නිදිවරා සොටු සැලීමයි.

පත්තර ඇත්තටම කොළඹටම සීමා වෙලාද? ඒකනම් ටිකක් හිතන්න ඕනේ කාරණයක්. සිසිර යාපා අපේ ආදරණීය හිතවතාගේ ආරාධනයක් පිට අපි පසුගිය සතියේ දිනයක ගියා කොළඹ පත්තර කියවන ඒ අපූරු අවස්ථාව සියැසින් දැක ගන්න බොරලැස්ගමුවේ සිට ජාත්‍යන්තරය පුරා විහිදෙන Colombo Television මාධ්‍ය ආයතනයට.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us