එබෝලා වෛරසය ජෛව අවියක් වුවොත්?

Published in විදෙස්
Tuesday, 12 August 2014 11:51

බටහිර අප‍්‍රිකාවේ දහසකට පමණ මරු කැඳවූ මාරාන්තික එබෝලා වෛරසය ජෛව අවියක් ලෙස භාවිතා කිරීමට ඉඩකඩක් ඇතැයි රුසියානු ෆෙඩරල් සෞඛ්‍ය ජෛව විද්‍යා ආයතනය පවසා තිබේ.

එම ආයතනයේ වැඩිදුර පුහුණු අංශයේ වසංගත රෝග දෙපාර්තමේන්තු ප‍්‍රධානි ව්ලැදිමීර් නිකිෆොරොව් පවසා ඇත්තේ මෙම වෛරසය ස්පේ‍්‍ර එකක් ආකාරයෙන් නිපදවුවහොත් එය විශාල ගැටළුවක් වනු ඇති බවයි.

න්‍යෂ්ටික අවියක් නිපදවීමට යුරේනියම් සංචිතයක්, න්‍යෂ්ටික බලාගාරයක් ආදිය අවශ්‍ය වුවත් ජෛව අවියක් කුඩා පර්යේෂණාගාරයක් තුළද නිපදවිය හැකි විම හේතුවෙන් ඒවා මැඩපැවැත්වීම අසීරු වී ඇතැයි ඔහු පවසා තිබේ.

මේ අතර කේම්බි‍්‍රජ විශ්වවිද්‍යාලයේ ජෛව මානව විද්‍යාඥ වෛද්‍ය පිටර් වෝල්ෂ්ද මෙම අදහස දක්වා ඇති අතර යම් කණ්ඩායමකට එබෝලා වෛරසය අඩංගු බෝම්බයක් ප‍්‍රසිද්ධ ස්ථානයක පුපුරුවා හැරිය හැකි නම් විශාල ප‍්‍රමාණයක් මිය යනු ඇති බව ඔහුගේ අදහසයි.

මේ වන විට ලෝකයේ එබෝලා වෛරසය ඇත්තේ පර්යේෂණාගාර කිහිපයක දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ වුවද ත‍්‍රස්තවාදී සංවිධානයක් විසින් බටහිර අප‍්‍රිකාවෙන් වෛරසය සොයා ගැනීමේ අවදානමක් ඇති බවද වෝල්ෂ් පවසා ඇත.

මාර්තු මාසයේදී ගිනියාවෙන් එබෝලා වසංගත තත්වයක් වාර්තාවූ අතර පසුව එය නයිජීරියාව, සියෙරා ලියොන් හා ලයිබිරියාවට ව්‍යාප්ත වන ලදී.  මෙයද මිනිස් මැදිහත්වීමකින් ඇතිකළ වසංගත තත්වයක් විය හැකි බවට රුසියාව සැක පහළ කර ඇතැයි වාර්තා වේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us