ආහාර වල අසූචි- රුසියාවෙන් මැක්ඩොනල්ඞ්ස්ට නඩු

Published in විදෙස්
Thursday, 14 August 2014 12:08

රුසියාව තුළ සනීපාරක්ෂක රීතීන් උල්ලංඝනය කිරීමේ වරදට මැක්ඩොනල්ඞ්ස් සමාගමට එරෙහිව නඩු පැවරීමට රුසියානු පාරිභෝගික ආරක්ෂණ ආයතනය විසින් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

රොස්පොටෙ‍්‍රබ්නාඞ්සෝර් ආයතනය විසින් මොස්කව්හි ට්වෙර්ස්කෝයි අධිකරණය වෙත ගොණු කළ පැමිණිල්ලක් ඉදිරියේදී විභාග කිරීමට නියමිතව ඇත.

මැක්ඩොනල්ඞ්ස් අවන්හල් තුළ අලෙවි කරන ආහාර කිහිපයක් පිළිබඳ සැකපිට වෙලිකි නොව්ගොරොද් නගරයේ පිහිටි අවන්හල් මුලින්ම පරීක්ෂාවට ලක්කරනු ලැබිණි.

රොස්පොටෙ‍්‍රබ්නාඞ්සෝර් ආයතනය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව සීසර් රෝල් නම් ආහාර වර්ගය හා එළවළු සලාදය තුළ මිනිස් අසූචිවල ඇති ‘ඊ කෝලි’ බැක්ටීරියාව හමුවී ඇති අතර සම්මත තත්වයන්ට වඩා 10 ගුණයක් වැඩියෙන් ක්‍ෂුද්‍රජීවීන් අඩංගු බව සොයාගෙන තිබේ.

ෆයිලට්  ඕ ෆිෂ් සහ චිකන් බර්ගර්ද පෝෂණ තත්වය සම්බන්ධයෙන් රුසියානු පාරිභෝගික ආරක්ෂණ ආයතනයේ සම්මතයන්ට පහත මට්ටමක ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේ සමග මැක්ඩොනල්ඞ්ස් අවන්හල් වසා දැමීමට රුසියාව විසින් කටයුතු කරනු ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කරන ලද නමුත් රොස්පොටෙ‍්‍රබ්නාඞ්සෝර් විසින් එය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

එම ආයතනයේ කලාපීය ප‍්‍රධානි ඇනටෝලි රොසොලොව්ස්කි පවසා ඇත්තේ නඩු පවරා ඇත්තේ පාරිභෝගිකයන් ලබාගන්නා ආහාර වර්ගවල සැබෑ තත්වය සගවන ක‍්‍රියාකාරකම් වලට එරෙහිව පමණක් බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us