ගුවන් නියමුවන් නින්දක- යානය අඩි 5000ක් කඩා වැටේ

Published in විදෙස්
Friday, 15 August 2014 10:22

මගීන් 300ක් පටවාගෙන පියාසර කරමින් තිබූ බොයිං 777 ගුවන් යානයක් හිටි හැටියේ අඩි 5000ක් කඩා වැටීමට නියමුවන්ගේ නොසැලකිල්ල ද යන්න ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඉන්දියාවේ මුම්බායි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

මුම්බායි සිට බ්‍රසල්ස් නගරය දක්වා ගමන් කරමින් තිබූ යානය තුර්කියට ඉහළින් පියාසර කරමින් තිබිය දී ප්‍රධාන නියමුවා නින්දේ පසුවිය. ඒ අතර හදිසියේම යානය අඩි 5000ක් පහළට කඩා වැටිණි. එයට හේතුව සහාය නියමුවා ද අඩ නින්දේ පසුවීම යැයි සැකයක් අැතිවීම හේතුවෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සහාය නියමුවා බලධාරින්ට පවසා ඇත්තේ ඒ අවස්ථාවේ තමන් කාර්ය බහුලව සිටි හෙයින් ගුවන් යානයේ වූ වෙනස ගැන අවබොධයක් නොතිබූ බවයි.

අඩි 34000 ක් ඉහළින් ගමන් කල යුතු යානය පහළට වැටුනේ ඇයිද යන්න ගැන විමසීමට  ඇන්කරා හි  ගුවන් ගමන් පාලක විසින් යානයට හදිසි ඇමතුමක් ලබාදෙන තුරු එවැනි කඩා වැටීමක් ගැන නියමුවන් ෙනාදැනුවත්ය.

මේ යානා තුර්කියට ඉහළින් පියාසර කරන්නේ ඉරාකයේ හා යුක්රේනයේ යුද ගැටුම් පවතින ප්‍රදේශ මගහැර යමිනි.

මේ සිදුවිම ගැන ගුවන් ගමන් පාලක නියමුවන්ට ඇමතුමක් දී ඇත්තේ යානය පාලනයකින් තොරව ගමන් කරන බවට ලැබුණු නිර්ණාමික ඇමතුමක් හේතුවෙනි. එම ඇමතුමත් සමග ක්‍රියාත්මක වූ ගුවන් ගමන් පාලක යානය වහාම අඩි 32000ක් ඉහළට ලෙස දැනුම් දී තිබේ. කලබලයට පත් සහාය නියමුවා ඒ අවස්ථාවේ දී ප්‍රධාන නියමුවා නින්දෙන් අවදිකර ඇත.

මුම්බායි සිවිල් ගුවන් සේවා අධිකාරිය පරික්ෂණ නිමවෙන තෙක් නියමුවාගේ සහ සහාය නියමුවා සේවය තාවකාලිකව අත් හිටුවා අැත. අන්තර්ජාතික ගුවන් සේවා නියමයන්ට අනුව ලෝකයේ දීර්ඝ ගුවන් ගමන් වල යෙදිද්දී ගුවන් නියමුවාට තම ගුවන් නියමු කුටියේ දි කෙටි නින්දක් ලබා ගැනීමට බාධාවක් නොමැත. 

එවැනි නින්දක යෙදෙන අවස්ථාවක සහය නියමුවා යානයේ ගමන් මාර්ගය හා හැසිරීම් ස්වභාවය ගැන මනා අවබෝධයෙන් සිටිය යුතුය.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us