දරුවන් මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ තමිල්නාඩුවේ දකුණු ප්‍රාන්තයේ ශ්‍රේසන් ෆාමා (Sresan Pharma) විසින් නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් පානය කිරීමෙන් පසුව මෙම දරුවන් මියගොස් ඇති බවයි.
එම කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් සාම්පලවල අවසර ලත් සීමාව ඉක්මවා DEG හෙවත් ඩයිඑතිලීන් ග්ලයිකෝල් (diethylene glycol) අඩංගු බව හෙළි වී තිබෙනවා.
DEG යනු කාර්මික නිෂ්පාදන සඳහා භාවිත කරන විෂ සහිත ද්‍රවයක් වන අතර එය කුඩා ප්‍රමාණයක් හෝ ශරීරගතවීම මාරාන්තික වනවා.
මෙම තත්ත්වය හේතුවෙන් එම සිරප් වර්ගය ප්‍රාන්ත කිහිපයක අලෙවිය තහනම් කර තිබෙනවා.
ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද කැස්ස සිරප් හේතුවෙන් 2022 වසරේදී ගැම්බියාවේ ළමුන් 70 කට වැඩි පිරිසක්ද මරණයට පත්වුණා.