හොංකොං හි චීන ජාතික ගීයට හූ හඬ

Published in විදෙස්
Thursday, 02 October 2014 09:36

හොං කොං දූපතේ බීජිං හිතවාදී නායකත්වය චීන ජාතික දිනය සමරන අවස්ථාවේ එහි පැවැත්වෙන ප්‍රජාතන්ත්‍ර හිතවාදී උද්ඝෝෂණ නගරයේ වෙනත් කොටස් වලටද පැතිර ගොස් තිබේ.

කොමියුනිස්ට් පක්ෂය බලයට පැමිණ වසර හැටපහක් ගත වීම සනිටුහන් කරමින් චීන ජාතික ගීය වාදනය කරන අවස්ථාවේ උද්ඝෝෂකයෝ ඒ දෙසට ශරීරයේ පසු පස හරවා හූ හඬ නැගූහ.

ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවෝ පසුගිය සෙනසුරාදා සිට හොං කොං දූපතේ මධ්‍යම ප්‍රදේශයේ සහ ප්‍රධාන මංසන්දි වල රැඳී සිටිති.

සංචාරකයන් අතර ප්‍රසිද්ධ වෙළඳ දිස්ත්‍රික්කය දක්වාද විරෝධතා රැලි පැතිරෙමින් තිබේ.

දෙදහස් දාහත වසරේ පැවැත්වෙන පළමු සෘජු මැතිවරණය සඳහා බීජිං හිතවාදී ඡන්ද අපේක්ෂකයන්ට පමණක් ඉදිරිපත් වීමට ඉඩ ලබා දෙන දේශපාලන නීතිය පිළිගන්නා මෙන් හොං කොං දූපතේ ප්‍රධාන විධායක සී වයි ලියුන්ග් උද්ඝෝෂකයන්ට බල කර සිටියි.

(බිබිසි)

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us