වර්ගවාදී වීඩියෝ පටයක් ඕස්ට්‍රේලියාව කලඹයි (Video)

Published in විදෙස්
Saturday, 05 July 2014 09:09

සිඩ්නි නුවර දුම්රියක ගමන් ගත් මගීන්ට වර්ගවාදී ලෙස බැන වදින වීඩියෝ පටයක් ‘යු ටියුබ්’ වෙබ් අඩවියට නිකුත් වීමත් සමග ඕස්ට්‍රේලියානු කතකට පොලිසියෙන් චෝදනා එල්ල වී තිබේ.

වර්ගවාදය නියෝජනය වන ප්‍රකාශ, භාෂා විලාසයට අපහාස කිරීම් සහ දුම්රියේ ගමන් ගත් කාන්තාවකට අසභ්‍ය ලෙස 'විජාතිකයා' යනුවෙන් ඇමතීම ඇතුළු වර්ගවාදී බැන වැදීම් ඇතුළත් මෙම වීඩියෝ පටය මිනිත්තු තුනකුත් තත්පර තිහක් දීර්ඝ එකකි.

දුම්රියේ ගමන් ගත් මගියෙකු විසින් පටිගත කර පසුගිය බදාදා මෙම වීඩියෝ පටය ‘යූ ටියුබ්’ වෙබ් අඩවියේ පළ කර තිබුණි.

බැන වැදීම ආරම්භ වී තිබුණේ දුම්රියේ ගමන් ගත් ළමුන් පිරිසක් මෙම කාන්තාවට වාඩිවීම සඳහා තමන්ගේ අසුන පිරිනැමීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.

වීඩියෝ පටය දෙලක්ෂ අසූ දහසක් දෙනා නරඹා තිබුණ අතර දහසකට අධික පිරිසක් ‘යූ ටියුබ්’ වෙබ් අඩවියේ තම අදහස් පළ කර තිබිණි.

මීට අමතරව ‘ෆේස් බුක්’ මෙන්ම ‘ට්වීටර්’ වෙබ් අඩවිවල ද මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් පළ වී තිබුණ අතර දුම්රියේ ගමන් ගත් මගීන් ඇයට විරුද්ධව කතා කරන ආකාරය වීඩියෝ පටයෙන් ද දිස් වේ.

වර්ගවාදය නීති විරෝධියි

ඕස්ට්‍රේලියාවේ වර්ගවාදී වෙනස්කම් වැළැක්වීමේ පනතට අනුව පුද්ගලයෙකුගේ වර්ගය හෝ ජාතිය මුල් කර ගෙන අපහාස කිරීම, අපහසුතාවට පත් කිරීම හෝ වර්ගවාදී ලෙස බැන වැදීම නීති විරෝධී ක්‍රියාවකි.

නමුත් ඕස්ට්‍රේලියානු රජය පනතේ මෙම වගන්තිය නිශ්ප්‍රභා කිරීමට සාකච්ඡා පවත්වන බව පැවසේ..

ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක්, වීඩියෝ පටයේ වර්ගවාදී ලෙස බැන වැදීම් කළ කාන්තාවගෙන් කළ විමසීමක දී ඇය පවසා ඇත්තේ තමන් ඉතා වෙහෙසකාරී දිනයක මෙලෙස හැසිරුණු අතර ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

දුම්රියේ ගමන් ගත් මගීන් ගෙන් සමාව අයැද සිටි ඇය තව දුරටත් පවසා ඇත්තේ කිසිවෙකු මෙලෙස බැන වැදීමකට ලක්වීම නොසුදුසු බවයි.

(බිබිසි)

 

Last modified on Saturday, 05 July 2014 09:50

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us