මුහුද දිගේ පයින් ගිය පුද්ගලයා ගලවා ගැනේ

Published in විදෙස්
Monday, 13 October 2014 13:35
ඇමරිකාවේ මියාමි වෙරළේ සිට බර්මියුඩා දිවයින් දක්වා මුහුදේ පයින් යාමට තැත් කළ ක‍්‍රියාකාරිකයෙකු සහ දරාගැනීමේ ක‍්‍රීඩකයෙකු වන රීසා බලූචි නම් පුද්ගලයාවබේරාගැනීමට ඇමරිකානු වෙරළාරක්‍ෂක නිලධාරීන් විසින් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
බර්මියුඩාවට යාමෙන් පසු එහි සිට පෝටෝ රිකෝවටත් යළි ඇමරිකාවටත් ගමන් කිරීම ඔහුගේ ඉලක්කය වූ අතර බලූචිගේ වෙබ් අඩවියේ දක්වා ඇත්තේ ළමුන් සඳහා පිහිටවීමට සහ යහපත් අනාගතයක් උදෙසා වන බලාපොරොත්තු අහිමිවූවන්ගේ ධෛර්යය ඉහළ නැංවීම සඳහා මෙම උත්සහය දරන බවය.
 
ඔහු මුහුදේ ඇවිද යාමට තැත්කළ දුර කිලෝමීටර් 1660කි.
 
මෙම ගමන සඳහා ඔහු  ඇලූමිනියම් රාමුවකින් යුක්ත විශේෂ පාවෙන ගෝලයක් නිර්මාණය කර ඇත.
 
 එය මිලිමීටර් 3ක් ඝන ප්ලාස්ටික් වලින් ඉදිකර තිබේ.
 
රාත‍්‍රියට වැල් ඇඳක නිදාගැනීමටත් ප්‍රෝටීන් බාර් සහ අල්ලාගත හැකි මත්ස්‍යයින් ආහාරයට ගැනීමටත් බලූචි විසින් සැලසුම් කර තිබූ බව පැවසේ.
සිය පාවෙන රථය 2013දී පරීක්‍ෂා කළ අවස්ථාවේ රීසා බලූචි කිලෝමීටර 53ක් ඇවිද ගිය අතර එයින් ඔහුගේ ශරීරයේ බර කිලෝග‍්‍රෑම් 6.8ක් පහත වැටී ඇති බව පැවසේ.
 
ගමන ආරම්භ කිරීමෙන් දින කිහිපයකට පසු වෙරළාරක්‍ෂකයින්ට ඔහුගේ පාවෙන බුබුළ නිරීක්‍ෂණය වී ඇති අතර ඒ අවස්ථාවේදී ඔහු විඩාවට පත්ව සිට ඇති මුත් ගමන අතහැරීමට සූදානම් වී නොමැත.  ඉන් දෙදිනකට පසු බලූචි විසින් ස්ථානීය බීකනය ක‍්‍රියාත්මක කිරීමෙන් පසු වෙරළාරක්‍ෂක නිලධාරීන් ඔහු ගලවා ගෙන රෝහල්ගත කර තිබේ.

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us