මොහොමඩ් අලිට අන්තිමයි

Published in විදෙස්
Tuesday, 14 October 2014 14:26

දීර්ඝ කාලයක් පුරා පාකින්සන් රෝගයෙන් පීඩා විඳිමින් සිටින ලෝක බොක්සිං වළල්ලේ හිටපු ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා වන මොහොමඩ් අලිගේ තත්ත්වය දරුණු අතට හැරී ඇතැයි ඔහුගේ ‍සොයුරු රහ්මාන් අලි පවසයි.72 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් අලිගේ ජීවිත කතාව අළලා සැකසුණු 'අයි ඈම් අලි' චිත්‍රපටය මේ වසර අවසානයේ හොලිවුඩ් තිරයේ දිග හැරෙන අතර ඒ සඳහා ඔහුගේ සහභාගීත්වය ද සැක සහිත බව රහ්මාන් අලි වැඩි දුරටත් පවසයි.

හිටපු හෙවිවේට් ශූර මොහොමඩ් අලිට මේ වනවිට හරි හැටි කතා බහ කිරීමට පවා අසීරුවී ඇතැයි ද ඔහු අමෙරිකාවේ පළවන 'සන්ඩේ පීපල්' පුවත්පතට ප්‍රකාශ කර සිටී. 'මේ චිත්‍රපටය මගේ සොයුරා ගැන නිර්මාණය වූ හොඳම චිත්‍රපටයයි. ඒත් ඒ ගැන ඔහු සමග කතා බහ කිරීමට තරම් නිරෝගී තත්ත්වයක දැන් ඔහු නෑ. ඔහුට දැන් කතා කිරීමට පවා අපහසුයි. නමුත් අප නිතරම ඔහු වටකර සිටීම ඔහුට විශාල ශක්තියක් බව දැනෙනවා.'රහ්මාන් අලි පවසයි.

කතා බහ කිරීමට පවා නොහැකි තත්ත්වයට අලිගේ පාකින්සන් රෝගය දරුණු අතට හැරී තිබේ. ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ 2012 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයටය. මොහොමඩ් අලි පාකින්සන් රෝගයට ගොදුරුවී ඇතැයි මුල්වරට අනාවරණය වූයේ 1984දීය.
එදා සිට අද දක්වා එම රෝගය සමග හුදෙකලාව අමෙරිකාවේ ඇරි‍‍සෝනා හී තම මන්දිරයට වී කාලය ගත කරන මොහොමඩ් අලිගේ තනියට සිටින්නේ ඔහුගේ සොයුරු රහ්මාන් අලි පමණි. ඔහුගේ දියණිය මරියම් සහ පුතා වන මොහොමඩ් අලි (කනිෂ්ඨ) හැරුණු විට අලිගේ දුක සැප විමසන්නට කිසිවකු නැතැයි රහ්මාන් අලි කියයි.
බොක්සිං වළල්ලේ අපරාජිත වීරයා ලෙස කලක් වැජඹුණු මොහොමඩ් අලි පාකින්සන් ‍රෝගය හමුවේ පරාජයට පත්වෙමින් සිටින බවත් මේ වසර අවසානයට පෙර ඔහු ජීවිතයෙන් සමුගනු ඇති බවත් අලිගේ පුතනුවන් මෙන්ම දියණිය ද පවසති.
බොක්සිං ක්‍රීඩාවට අමතරව අලි ලොව පුරා ජනාදරයට පත්වූයේ වර්ගවාදයට එරෙහිව හඬක් නැගූ නිසාය. කළු ජාතිකයකු වන මොහොමඩ් අලි ලොව පුරා ජීවත්වන සියලුම කළු ජාතිකයක් වෙනුවෙන් පෙනී සිටි අතර ඔවුන් සඳහා වන සුබසාධන කටයුතු රැසකම නිරතවිය.
(lfn.lk)
Ali2
Ali3
Ali4
Ali5
Ali6
Last modified on Tuesday, 14 October 2014 14:45

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us