බොස්‌ටන් ප්‍රහාරයේ චූදිතයා වරදකරු වෙයි

Published in විදෙස්
Friday, 10 April 2015 11:27

දෙවසරකට පෙර බොස්‌ටන් මැරතන් තරගයේදී බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් ඝෝකාර් තස්‌රනේව් වරදකවරුවී ඇත.

එම ප්‍රහාරය හේතුවෙන් තිදෙනෙක් මියගොස් 246 දෙනෙක් තුවාල ලැබූහ. 21 හැවිරිදි සර්නායෙව්ට විරුද්ධව නඟා ඇති චෝදනා 30ටම ඔහු වැරැදිකරු බවට ඔප්පු වී තිබේ. එම චෝදනාවලින් 17ක් ම මරණිය දණ්ඩනය ලබාදිය හැකි චෝදනායි. මුල් තීන්දුව ලබා දුන් දිස්ත්‍රික් අධිකරණයම වැරැදිකරුට මරණීය දණ්ඩනය ලබාදිය යුතුද නැතහොත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදිය යුතුද යන්න පිළිබඳ සලකා බලමින් සිටින බව වාර්තා වේ.

තස්‌රනේව් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරුණු ඉදිරිපත් කරමින් ඔහු බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව පිළිගෙන ඇතත් එසේ කළේ සිය වැඩිමහල් සොයුරු 26 හැවිරිදි ටමලාන් ගේ ඉල්ලීම නිසා බවට තර්ක කර ඇත. ටමලාන් පොලිස් වෙඩි ප්‍රහාරයෙන් එතැනම මිය ගියේය.

පොලීසියෙන් බේරීමට පැන ගොස් බෝට්ටුවක සැඟවී සිටි අතර තස්‌රනේව් එහි සටහන් කර ඇත්තේ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල ඇමෙරිකාව සිදුකරන හමුදා මෙහෙයුම්වලට පළිගැනීමක් වශයෙන් බෝම්බ ප්‍රහාර එල්ල කළ බවයි.

තස්‌රනේව්ගේ මව පැවසුවේ ත්‍රස්‌තවාදීන් ඇමරිකාව බවත් තම පුත්‍රයන් වීරයන් බවත්ය. එසේම ඇය පවසන්නේ ඇමරිකාව විසින් මරාදැමුණු සෑම මිනිසෙකු සේම තමන්ගේ පුතුන් දෙදෙනාත් අහිංසකයන් බවයි.

චෙචෙන් ජාතිකයන් වන තස්‌රනේව් හා ඔහුගේ සොයුරා ප්‍රහාරය එල්ල කිරීමට දසකයකට පමණ පෙර රුසියාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වුවන් බව පැවසේ.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us