රජීවි ඝාතනය වුණේ ලංකාවට ඇඟිලි ගහපු නිසා

Published in විදෙස්
Friday, 01 August 2014 11:18
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට ලක්වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ඔහුගේ ප්‍රතිපත්තිමය ගැටළුවක් නිසා බව හිටපු ඉන්දීය විදෙස් සබඳතා අමාත්‍ය නත්වාර් සිං පවසයි. 
 එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් රජීව් ගාන්ධිට වාචික පොරොන්දුවක් දී තිබියදී තමාගේ සහයට ශ්‍රී ලංකාවට හමුදා ඛණ්ඩයක් එවන ලෙස එවක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබිණි. 
 
අග්‍රාමාත්‍යවරයා ලැබූ වැරදි උපදෙස් හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවට හමුදා ඛණ්ඩයක් එවීමට කටයුතු කළ බව හිටපු අමාත්‍ය නත්වාං සිං, ඉංග්‍රීසි නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේය. 
 
මෙලෙස ඉන්දීය හමුදා එවීමට කටයුතු කරනු ලැබුවේ කැබ්නට් මණ්ඩලයට හෝ නොදන්වා බැව් සිං පෙන්වාදෙයි. 
 
එවක ඉන්දීය කොංග්‍රසය නියෝජනය කළ හිටපු අමාත්‍ය නත්වාර් සිං විසින් රචිත ස්වයංචරිතාපදාන කෘතිය වන One Life is Not Enough: An Autobiography (එක් ජීවිතයක් ප්‍රමාණවත් නෑ:ස්වයංචරිතාපදානයක්) හි මෙම කරුණු දැක්වෙන බැව් ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි. 
 
කෙසේ වෙතත් මේ පිළිබඳව තමන් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසනු ලදුව තත්ත්වය පාලනයෙන් ගිළිහෙන්නට යන බැවින් ඉතා ඉක්මනින් තමාගේ සහය අවශ්‍ය බව ජේ.ආර් ජයවර්ධන මහතා දන්වා ඇති බවත්, තමා දැනටමත් කණ්ඩායමක් පිටත්කර ඇති බවත් පැවසූ බව නත්වාර් සිං වැඩිදුරටත් කියා සිටියි.
 
මූලාශ්‍රය adaderana

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us