සාෆි නඩුවේ මහේස්ත්‍රාත් ගැන පරීක්ෂණයක් ඉල්ලා පැමිණිල්ලක්

Published in පුවත්
Thursday, 18 July 2019 16:33

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහමඩ් සාෆි මහතාගේ නඩුවේදී කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.

කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ බිරිදත් කුරුණෑගල රෝහලේම වෛද්‍යවරියක්

කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සාෆි මහතා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු බව ද, ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස උපදෙස් දී ඇතැයි කියන කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ බිරිඳ ද එම රෝහලේම වෛද්‍යවරියක බව ද, වෛද්‍ය සාෆි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳද එම රෝහලේම වෛද්‍යවරියක බව ද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ සඳහන්වේ.

සාෆි සම්බන්ධ පැමිණිල්ල 2019 ජුනි 27 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී නඩුවේ පැමිණිලිකරුවකු, විත්තිකරු සහ අගතියට පත් පාර්ශ්වය නියෝජනය නොකරන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට විවෘත අධිකරණයේ අදහස් දැක්වීමට මහේස්ත්‍රාත්වරයා අවස්ථාව දී ඇතැයි ද, එච්එස්ජී පරීක්ෂණය ගැන අදහස් දැක්වීමට ඔහු ප්‍රසව හා නාරිවේද විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු නොවන බව ද, දන්ත වෛද්‍යවරයකු වන අධ්‍යක්ෂවරයා අධිකරණයේ දී දැක්වූ අදහස් නඩුවේ කාර්ය සටහන්වලින් ඉවත් කර ඇතැයි රහස් පොලිසිය වාර්තා කර ඇති බව ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ දැක්වේ.

මේ මගින් පැමිණිලිකරුවන්ට, විත්තිකරුට සහ අගතියට පත්වීයැයි කියන පාර්ශ්වයට අගතියක් සිදුවිය හැකි බවත්, මහජනතාවට අධිකරණය ගැන විශ්වාසය පළුදු විය හැකි බවත් එම නිසා මේ ගැන නිසි විමර්ශනයක් සිදු කරන ලෙසත් එම සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us