පිටරට කුණු ගෙනාවේ මහින්දගේ අනුමැතියෙන් - ගැසට් එක මෙන්න Featured

Published in පුවත්
Friday, 19 July 2019 12:37

විදේශ රටවලින් බැහැර කෙරෙනු අපද්‍රව්‍ය මෙරටට ආනයනය කරන ජාවාරම්කාර ව්‍යාපාරයක් ගැන තොරතුරු පසුගියදා හෙළිවූ අතර එය නිත්‍යානුකූල ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යැමේ අවසරය ලබා දි ඇත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී බවද අනාවරණය වේ.

මේ සමඟ දැක්වෙන්නෙ ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයයි. හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් 2013-07-11 වන දින නිකුත් කල අංක 18-18-30 දරණ ගැසට් පත‍්‍රයයි.

කෙසේ නමුත් එම ගැසට් නිවේදනය මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී.

අදත් විදේශිය අපද්‍රව්‍ය අඩංගු බහලූම් සිය ගණනක් ආනයනය කර තිබීම සිදුව ඇත්තේ මේ ගැසට් පත්‍රය අනුව යමිනි.

මේ වන විට එම අපද්‍රව්‍ය අඩංගු බහලූම් 225කට ආසන්න ප‍්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඉන් 120ක්ම වරායෙන් මුදාගෙන කටුනායක වෙළඳ කලාපය තුල ගබඩා කර තිබෙන බව දැනගන්නට ඇත.

මේ බව සහතික කරමින් පළමුව අනාවරණය කර සිටියේ සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජේ.ඒ.ගුණතිලක විසින් පසුගිය 18 වනදා ජනාධිපති සිරිසේන වෙත යොමුකළ ලිපිය හරහාය. එහි පිටපත් මුදල් අමාත්‍ය, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම රේගු අධ්‍යක්‍ෂක ජනරාල්තූමිය වෙතද යොමුකර තිබිණ.

එහිදී සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජනාධිපතිවරයා අමතා දන්වා තිබුණේ ජනාධිපති සිරිසේන යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් පවා අපද්‍රව්‍ය ගබඩා කර තිබු එම ස්ථානයට ගොස් තිබූ නමුත් ඔවුන්ද ජාවාරම්කරුවන් විසින් ලබාදෙන තොරතුරු අනුව ප්‍රකාශ ලබාදෙනවා මිස නිසි අධීක්ෂණයක් සිදුනොකර ඇති බවය. එනම් මෙම නිළධාරීන්ද මේ ජාවාරම් කරුවන්ගෙන් සං‍තෝසම් ලබා ගෙන ඇති බවය.

වසර ගනනාවක් තිස්සේ මෙලෙස ගොඩබාන ලද අපද්‍රව්‍ය වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් රට තුළට බැහැර කර ඇති අතර ඉතිරි ඒවාද එසේ බැහැර කිරීමේ හැකියාව තිබේ. එසේ වුවහොත් අපේ රටේ පරිසර පද්ධතියට සිදුවිය හැකි හානිය සුළුපටු නොවන අතර එහි වන්දිය නූපන් පරම්පරාවලටද ගෙවීමට සිදුවනු ඇති බවත් සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජේ.ඒ.ගුණතිලක සිය ලිපියේ සඳහන් කර තිබිණ.

පහත දැක්වෙන්නේ  රාජපක්ෂ පාලනය නිකුත්කර තිබු අදාළ ගැසට් පත්‍රයයි.Mahianda Gezzate 2013 7 11 1

Last modified on Friday, 19 July 2019 12:53

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us