අලි උස්සපු විනිසුරු තිළිණ ගමගේට අධි චෝදනා

Published in පුවත්
Friday, 19 July 2019 18:14

ව්‍යාජ ලෙස සකස් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (19) අධි චෝදනා ගොනුකර තිබේ.

නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇති අතර එහි සෙසු විත්තිකරුවන් ලෙස වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකු වන උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ ලිපිකාරිණියක වන ප්‍රියන්කා සංජීවනී සහ අදාළ අලි පැටවාගේ මුල් අයිතිකරු වශයෙන් පෙනී සිටි චන්ද්‍රරත්න බණ්ඩාර යටවර යන අය නම් කර ඇත.

ව්‍යාජ ලෙස සකස් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම තුළින් පොදුදේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අධිචෝදනා 25 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

“සකුරා” නැමැති ඇත් පැටවාගේ තක්සේරු වටිනාකම රුපියල් 6970000/- ක් ලෙස ගනන් බලා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි සඳහන් කළේය.

තිළිණ ගමගේ යනු පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ඊට හිතවත්ව කටයුතු කළ පුද්ගලයකු බවටත් රාත්‍රී සමාජ ශාලා වල නිතර ගැවසෙන්නෙකු බවටත් චෝදනාවට ලක් වුවෙකි. එසේම දිනේශ් ගුණවර්ධනයේ මහජන එක්සත් පෙරමුණේ ප්‍රබල සමාජිකයකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මොහුගේ සහොදරයාද වේ. බීමත්ව රිය පැදවීම හේතුවෙන් සලෝචන ගමගේ පසුගිය මැයි මස 17 දා අත්අඩංගුවට ගත්තේය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us