පාස්කු ප්‍රහාරයෙන් රාජ්‍ය අදායමට වූ කෙටිකාලීන පාඩුව රු බිලියන 50ක්  

Published in පුවත්
Wednesday, 24 July 2019 19:32

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් රාජ්‍ය අදායමට, රුපියල් බිලියන 50 ක් අහිමිව ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කරයි.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ "වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ" දැක්වෙන්නේ, ඉන් රටේ විවිධ ක්ෂේත්‍රයන්ට එල්ල වූ බලපෑම මත මෙම ආදායම් අහිමි වීම තවත් ඉහළ යා හැකි බවයි.

2019 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ(23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහි දැක්වෙන්නේ මේ වසරේ අප්‍රේල් මස 21 වන දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෙරට රාජ්‍ය ආදායම පහළවැටීමට මෙන්ම ඇතැම් රාජ්‍ය වියදම් බලාපොරොත්තු නොවූ ලෙස ඉහළ යාමට හේතු වූ බවයි.

ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීම, පූජනීය ස්ථාන හා යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, ආරක්ෂාව සැපයීම සහ බලපෑමට ලක්වූ පාර්ශ්ව වෙනුවෙන් ණය සඳහා පොලී සහනාධාර ලබාදීමෙන් රජයේ වියදම් ඉහළ ගොස් තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් සෘජු බලපෑම් එල්ල වූයේ මෙරට මූල්‍ය, සංචාරක, වෙළඳ හා ඉඳිකිරීම් යන ක්ෂේත්‍ර වලටයි.

ඒ අනුව රාජ්‍ය අදායමට කෙටිකාලීන සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 50ක් බව රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන්ය.

මෙවර අය - වැයෙන් ඉදිරිපත් කළ වසරේ අදායම් ඉලක්ක කෙරෙහි ද පාස්කු ඉරුදින ප්‍රහාරයේ බලපෑම් එල්ල වී තිබේ.

(adaderana)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us