රට කුණු කන්ටේනර්වල මළ සිරුරු කොටස් ! බ්‍රිතාන්‍යයත් පරීක්ෂණ අරඹයි Featured

Published in පුවත්
Wednesday, 24 July 2019 20:01

ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති කසල කන්ටේනර් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

කසල අඩංගු කර්ටේනර් යළි බ්‍රිතාන්‍යයට යවන බවට ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය විමර්ශනයක් ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත් පතේ වාර්තාවලට අනුව ප්‍රතිචක්‍රීකරණය සඳහා බ්‍රිතාන්‍ය සිට ශ්‍රී ලංකාවට එවන ලද කන්ටේනර් තුළ තිබී මිනිස් ශරීර කොටස් හමු වී ඇති බවත්, මීට වසර දෙකකට පමණ පෙර කොළඹ වරායට ගෙන්වන ලද කන්ටේනර් 111ක් තැන්පත් කර තිබූ අංගනයකින් අධික දුර්ගන්ධයක් වහනයවීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවට පැවසේ.

භාවිත කරන ලද මෙට්ට ගෙන්වන මුවාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති මෙම කසල කන්ටේනර් තුළ තිබී මෙට්ට සමග අතිශය උපද්‍රකාරී ද්‍රව්‍ය සහිත සායනික අපද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ මෙට්ට කොටස් සොයාගෙන ඇති බවත්, බ්‍රිතාන්‍ය මිනිස් ශරීර කොටස් මෙම කන්ටේනර් තුළ ඇති බවට තහවුරු වුවහොත්, මේවා සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ අර්බුදයකට මුහුණ දී සිටින රෝහල්වල අපද්‍රව්‍ය බවට විශ්වාස කළ හැකි බව ද බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත පලකර ඇති වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

(colombotrust)

.telegraph සැබැඳිය :

Human remains found in 100 containers of exported recycling sent from UK to Sri Lanka

Last modified on Wednesday, 24 July 2019 20:03

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us