සිරිසේන, නාගානන්ද සමඟ එකතු වෙයිද? ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනිලු

Published in පුවත්
Saturday, 31 August 2019 00:04

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනපති පවසයි.

පසුගිය වසර හතර හමාරෙන්, වසර හතරක්ම කෝටි ගණන් මුදල් වැය කරමින් මැති ඇමතිවරු සහ ආණ්ඩුක්‍රම විශාරදයින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම අධ්‍යයනය කිරීමට විදේශ සංචාරවල නිතරවුව ද ඉන් රටට ලැබුණු ප්‍රතිඵලයක් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන් සිදු කළේ උතුරේ ජනතාව රැවටීම සහ දකුණේ ජනතාව අතර වෛරය පැතිරවීම පමණක් බව ද කියා සිටියේය.


ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මෙම අදහස් පළ කළේ අද (30) පස්වරුවේ යාපනයේ මුත්තවේලි නගර සභා ක්‍රීඩාංගණයේ පැවති "රට වෙනුවෙන් එකට සිටිමු" ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනය දිස්ත්‍රික් සමාප්ති උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණයක් ගැන කතා කළ ද මෙම වරද නිවැරදි කර ගැනීමට තවමත් පවතින ආණ්ඩුවට කාලය තිබෙන බවයි.

2020 බලයට පත්වන ආණ්ඩුවකට රට කරගෙන යාමට නම් එම වගකීම පවතින ආණ්ඩුව විසින් ඉටුකළයුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා, එම වගකීම ඉටුකිරීමට එක්වන ලෙස තමා ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද ආරාධනා කරන බව පැවසීය.

පාර්ලිමේන්තුව මෙම ගැටලුව විසඳිය යුතු අතර ඊට තම උපරිම සහය ලබාදෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 19 වන සංශෝධනය හරහා අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ බලය තිබෙන නායකයන් තුන්දෙනෙක් නිර්මාණය කර තිබෙන බවයි. ජනාධිපතිවරයාගේ බලයෙන් කොටසක් ගෙන කොටසක් ඉතිරි කර තිබෙන අතර, අගමැතිවරයාට බලය වැඩි කර, කථානායකවරයාට තවත් බලය දී තිබෙන බව ඔහු පෙන්වා දුන්නේ ය. නායකයන් තුන්දෙනෙකුට රටක් කරගෙන යා නොහැකි අතර රට අවුලට පත්වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් ගැන යළි කතා කරන්නට පටන් ගෙන ඇත්තේ පසුගිය දින කිහිපයේදි විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙ‍ටුම් පත යළි ගෙන විත් එය බලාත්මක කළ යුතු බවට අගමැතිවරයාගෙන්ද ඉදිරිපත් වූ යෝජනාව අනුව විය හැකිය. මේ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් ජවිපෙ නායකත්වය සමඟද සාකච්ඡා කර තිබිණි. එහෙත් ජවිපෙ පවසා තිබුණේ තමන් යෝජනාව ඉදිරිපත් කර ඇති නිසා එය දිනවීම අනෙක් පාර්ශ්වවල කටයුත්තක් බවය.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන නීතිඥ නාගාන්නද කොඩිතුවක්කුද ව්‍යවස්ථාව වෙනස් කිරීම එකම සටන් පාඨය කරගෙන් ඉදිරිපත් වන බව පෙන්වා දී තිබේ. ඔහුගේ අදහස තමන් විසින් සකස් කර ඇති ව්‍යවස්ථා කෙ‍ටුම්පත ජනතාවට ඉදිරිපත් කළ පසු ඊට ඡන්දය ප්‍රකාශ කර දිනවීමෙන් එය ජනමතය බවට පත්ව නව ව්‍යවස්ථාව බලාත්මක වන බවය. ඒ අනුව ජනධිපති සිරිසේනටද ඊට සහය වී නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටිය හැක. අනෙක් සියලු පක්ෂ පොර බදමින් සිටින්නේ විධායක ජනාධිපතිධුරය දිනා ගැනිමටය.

Last modified on Saturday, 31 August 2019 01:46

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us