ලෙඩ නිවාඩු දමා ආතල් ගන්න ගිය වෘත්තීය සංගම් නායකයා මරණයකට කරගහයි

Published in පුවත්
Thursday, 05 September 2019 12:24

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (04) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වෙනුවෙන්  ඊයේ දිනයේදී ලෙඩ නිවාඩු දමන්නැයි සිය සංගමයේ සාමාජිකත්වයට පැවැසූ  දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ, දේශිය අදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහභාගී නොවී තවත් නිලධාරීන් පිරිසක් සමඟ බෙන්තොට ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සභභාගී වී තිබේ. එහිදී බෙන්තොට හොටල් පරිශ්‍රයක් තුලදී ඔහු සමඟ ගිය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකාර සහයකවරයකු මියගොස් ඇත. 34 හැවිරිදි ජීවන් අරුණ දයානන්ද නැමැති එක්දරු පියා මෙලෙස මියගොස් තිබේ. ඔහුගේ මළ සිරුර පිහිණුම් තඨාංගනයේ තිබුණු බවත් එය තමන් විසින් ගොඩට ගත් බවත් සංගමයේ සභාපති වරයා පොලීසියට පවසා ඇත.

කෙසේ නමුත් මෙය දියේ ගිලී සිදුවූ මරණයක් නොවන බවට මේ වන විට මූලික පරීක්ෂණ වලින් පෙන්වන බවත් දැනගැනීමට තිබේ. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මේ වන විට බලපිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් තිබේ.

මෙය සැක සහිත මරණයක් වූවත් මෙම කණ්ඩායමට නායකත්වය දුන් වෘත්තීය සමිති නායකයාව අත් අඩංගුවට ගැනීමට හෝ මෙතෙක් පොලිසිය කටයුතු කර නැත. ඔහු වත්මන් ආණ්ඩුවේ මුදල් විෂයට මීට පෙර සම්බන්ධව සිටි ඇමැතිවරයාගේ හිතවතකු වන බවත් ඒ අනුව පොලිසියට කළ යම් බලපෑමක් හමුවේ ඔහු නිදැල්ලේ පසුවන බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලු විට පොලිස් තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

ඒ කෙසේ නමුත් ඊයේ දිනයේදී රජයේ නිලධාරීන්ගේ වැ‍ටුප් විෂමතා වෙනුවෙන් සිදුකෙරුණු වෘත්තීය ක්‍රියාමාර්ගයට යැයි කියමින් ලෙඩ නිවාඩු දමා තමන්ගේ පෞද්ගලික විනෝදය වෙනුවෙන් එම කාලය යොදවා ගැනීම වගකිව යුතු වෘත්තීය සමිති නායකයකුට කළ හැකිද යන්න ගැටලුවකි. ජනතාවගේ බදුමුදලින් නඩත්තු වන මෙම නිලධාරීන් ඊයේ ගත් ක්‍රියාමාර්ගයෙන්ද රජයට අලාබයක් මිස යහපතක් වූයේ ද නැත.

Last modified on Thursday, 05 September 2019 12:26

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us