රනිල්ගේ කොන්ත්‍රාත් කරන්න බෑ.. පොහොට්‍ටු මන්ත්‍රීන්ගෙන් මහින්දට දොස් මුරයක්

Published in පුවත්
Thursday, 05 September 2019 13:02

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ බේරා ගැනීම වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින යටිකූට්‍ටු කුමන්ත්‍රණ සඳහා තමන්ව සම්බන්ධ කර නොගන්නා ලෙස පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ සවස දැනුම් දීමට කටයුතු කළ බව එම මන්ත්‍රීවරුන්ට සමීප ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම එම ක්‍රියමාර්ග තව දුරටත් සිදුවුවහොත් ඒවා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ හෙළිදරව් කරන බවත් ඔවුන් පවසා ඇත. සිය ජනාධිපති අපේක්ෂක නන්දසේන ගොඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවාට වඩා එජාප නායකත්වය ආරක්ෂා කිරීමට බැසිල් රාජපක්ෂත් මහින්ද රාජපක්ෂත් සිදු කරමින් සිටින මෙහෙයුම් දැන් රටේ ජනතාවටත් රහසක් නොවන බව ඔවුන් පෙන්වා දෙයි. මේ තත්වයන් සිය ජනාධිපතිවරණ මෙහෙයුමට දැඩිව බලපානු ඇතැයිද මෙම නන්දසේනවාදී පොහොට්‍ටු මන්ත්‍රීවරුන් පවසයි.

ඊයේ දිනයේදී ඇමැති රවී කරුණානායකගේ මෙහෙයුමක් ඇනුව ටී බී එ්කනායක සජිත් ප්‍රේමදාසට එරෙහිව ගෙන එන ලද විවාදයද රනිල් රැක ගැනීමේ කොන්ත්‍රාත්තුවක් බවත් මෙලෙසම එජාපයේ රනිල්ගේ පිලෙහි වජිර අබෙවර්ධන ඇමැතිවරයාද සිය කණ්ඩායමේ කිහිප දෙනෙකු සමඟම රහස් ගනුදෙනු පවත්වාගෙන යමින් රනිල් රැක ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව පවසයි. ඊයේ මෙම විවාදයට සහභාගී වීමට පොදුජන පෙරමුණේහි මන්ත්‍රීවරු දෙදෙනෙකු හර අන් සියලු දෙනා ඒ වර්ජනය කර තිබිණි. (රනිල් ‍රැකගන්න පොහොට්‍ටුවේ සහය...! රවී , වජිර,...පක්කලි වැඩගොඩක)

මහින්දට බලය දෙන්නේ නෑ

එමෙන්ම මේ වන විට නන්දසේන ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයට බාධා වන ලෙස බැසිල් රාජපක්ෂත් මහින්ද රාජපක්ෂත් පොදුජන පෙරමුණේ කටයුතු මෙහෙයවන බවත් මෙම මන්ත්‍රීවරුන් දැඩි කළ කිරීමෙන් යුතුව පවසයි.. ඊයේ ඩලස් අලහප්පෙරුම විසින් ගොඨාබය ජනාධිපතිවූ විට මහින්දට ලැබෙන්නේ නාමික අගමැතිධුරයක් පමණක් බවට සිදු කළ ප්‍රකාශයද මෙම මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ. මිනිස්සු ගොඨාබයට ඡන්ද දෙන්නේ මහින්ද ගැන තිබෙන විශ්වාසය මත පමණක් බවත් ඒ අනුව මහින්දට බලය නොදෙන බව පැවසීමෙන් සිය පාක්ෂිකය පවා අධෛර්මත් වන බව ඔනුගේ මතයයි. ගොඨාබයගේ නිල මාධ්‍ය ප්‍රකාශකව සිටි මිලින්ද රාජපක්ෂට, ගෝඨාභයගේ අතින්ම ගුටිකා යන තැනට වැඩ සලස්වා බැසිල්ගේ මිනිස්සු දෙදෙනකු වන ඩලස් අලහපෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ලව මාධ්‍ය ප්‍රකාශකයන් කිරීම ගොඨාබයව පරාජය කිරීමෙ කුමන්ත්‍රණයක්ද යන්න ගැන සැකයක්ද ඇති වීම වැලැක්විය නොහැකි බවත් ඔවුන් පවසයි.

Last modified on Thursday, 05 September 2019 13:04

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us