එවකට හතරවැනි වියෙහි පසුවූ රවුධාතුල් ජානා නම් වූ ඇය සිය හත් හැවිරිදි සහෝදරයා සමග සුනාමි ජලයේ ගසාගෙන යද්දී දෙමාපියන්ගෙන් වෙන්වී තිබූ අතර, එවකට ඔවුහු බටහිර අචේ ප්‍රදේශයේ ජීවත්ව සිටියහ.
ජානාගේ මව වන ජමාලියා පවසන්නේ තමන් හා ස්වාමියා සුනාමියෙන් දිවි ගලවාගත්තත් දරුවන් දෙදෙනා කොතෙක් සොයා සිටියද ඔවුන් හමු නොවූ බවයි.
අනතුරුව සුනාමියට හසුවූ දරුවන් මිය යන්නට ඇති බව අකමැත්තෙන් වුවද ඔවුන්ට විශ්වාස කිරීමට සිදුව තිබේ.කෙසේ වෙතත් පසුගිය ජූනි මාසයේදී ජමාලියාගේ සහෝදරයෙකු විසින් තම නැගෙනියගේ දියණියගේ හැඩරුව ඇති දැරියක දැකීමෙන් පසු ඇය සොයාගොස් ඇත.
 
ඒ 2004 සුනාමියෙන් අතුරුදන් වූ සිය නැගෙනියගේ දියණිය බව ඔහු සැකහැර හඳුනාගෙන ඇත.
(අද )



 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														