ඇල්පිටිය දිනන්න..සජිත්ව අපේක්ෂකයා කරන්න. ප්‍රාදේශීය නායකයන්ගෙන් ඉල්ලීමක්

Published in පුවත්
Monday, 16 September 2019 16:55

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කරන්න කලින් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලෙස ඇල්පිටියේ එජාප ප්‍රාදේශීය නායකයන් සහ ක්‍රියාකාරිකයන් එජාප ප්‍රධානින්ගෙන් ඉල්ලීමක් කළ බව එම පිරිස් පවසයි.

පසුගියදා එජාපයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රමුඛ කණ්ඩායමක් මැතිවරණ අපේක්ෂකයන් සහ එජාප ක්‍රියාකාරිකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී මෙම ඉල්ලීම කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සදහා සුදන්ම්වීම වෙනුවෙන් සැප් 14 වනදා මෙම විශේෂ සාකච්චාව ඇල්පිටියේදී පැවැත් විය. මෙම අවස්ථාවට අමාත්‍ය වජිර අබේවර්ධන , අමාත්‍ය දයා ගමගේ , අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුලාල් බණ්ඩාරිගොඩ , විජේපාල හෙට්ටිආරච්චි , සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත්, කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුනවර්දන ඇතුළු නියෝජිතයින් රැසක්, එජාප ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් සහ ප්‍රාදේශීය සභා අපේක්ෂක අපේක්ෂිකාවන්ද සහභාගී විය .

එජාපය තුල අර්බුධ තබා ගෙන ජනතාව අතරට යා නොහැකි බවත් ප්‍රදේශයෙ එජාප පාක්ෂිකයන් හිතවතුන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසව ඉල්ලා සිටින බවත් මෙහිදී ඔවුන් අවධාරණය කර තිබේ. එහෙත් එම ඉල්ලීම නොතකා එම රැස්වීමේ කටයුත් කරගෙන යෑමට මහ ලේකම් වරයා ඇතුලු පිරිස උත්සහ ගත්තද එජාප ප්‍රාදේශිය ක්‍රියාකාරිකයන් නැවත නැවත අවධාරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක්යා ලෙස නම් කළ යුතු බවය. මේ නිසා එම රැස්වීමේ කටයුතුද අතර මඟ නවතා දැමීමට සිදුවූ බවත් ඇල්පිටියේ එජාප ක්‍රියාකාරිකයන් පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us