රනිල්ට කුද ගහගන්න කියා .. සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ තීන්දුව ගනී ! Featured

Published in පුවත්
Monday, 16 September 2019 21:10

එක්සත් ජාතික පෙරමුණේ නියෝජනය සහිතව බිහිවන නව සන්ධානයෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් නියත ලෙසම ඉදිරිපත්වන බව අද (16) දින ලිඛිතව එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

මේ වන විට එජාපෙ සමඟ එක්ව කටයුතු කරන අනෙකුත් පක්ෂ සියල්ලේම කැමැත්ත සජිත් ප්‍රේමදාස වෙත ලැබී තිබෙන අතර දෙමළ ජාතික සන්ධානයේ කැමැත්තද ඔහු වෙත ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරයි. ඒ අනුව කවර තත්වයක් යටතේ හෝ එජාප නායකයා විසින් වෙනත් අපේක්ෂකයකු නම් කළද සජිත් ප්‍රේමදාස මහතා නව සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සිදුවෙනු ඇත. මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ලිඛිතව දැනුම් දීමට ක්‍රියාකර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා පමණක්ද වේ. කරූ ජයසූරිය ඉදිරිපත්වන බවට රාවයක් ගියද ඔහු ඊට මෙතෙක් කැමැත්ත පළකර හෝ නැත. අගමැති රනිල් වික්‍රමසිංහ හෝ මෙතෙක් පක්ෂයට තමන් ඉදිරිපත්වන බව විධිමත්ව දැනුම් දීමක් සිදු කර නොමැත.

රනිල්ගේ කෂඩ කුමන්ත්‍රණය හෙළිවෙයි

මේ අතර අද සවස අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ හි පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීන්දුවක් ගත යුතු බවට ඇමැති මංගල සමරවීර මහතා කරුණු දක්වමින් සිටියදී එය සංවිධානත්මකව කඩා කප්පල් කිරීමට රනිල් වික්‍රමසිංහ පෙර සූදානමකින් පසුවී ඇති බව පැහැදිලිව දකින්නට ලැබිණි.

සමරවීර මහතා ජනාධිපති අපේක්ෂකයා නම් නොකිරීම තව දුරටත් ප්‍රමාද කළ නොහැකි බවත් ඉදිරි දින කිහිපය තුලදී එය සිදුවිය යුතු බවත් පවසා ඇත. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමාට ප්‍රතිපත්තිමය ගැටළු ඇතත් මේ මොහොතේ දී වැදගත්ම දේ පක්ෂය දිනවීම බවත් එම නිසා දිනන්න පුලුවන් අපේක්ෂකයා වන සජිත් ප්‍රේදාස නම් කිරීමෙහි වැදගත් කමද අවධාරණය කර තිබේ. තමන් කවදත් ප්‍රතිපත්තියක්, දර්ශනයක්, වැඩ පිළිවෙලක් සහිත දේශපාලනයක් කළ බව සඳහන් කළ ඇමැතිවරයා මේ මොහොතේදී ඊට වඩා වැදගත් පක්ෂය දිනවිම බවත් එසේ නොවුණහොත් එජාපයේ දේශපාලනයද මෙතැනින් අවසන් වනු ඇති බවත් පවසා ඇත. තමන්ට අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ කිසිදු ආරව්ලක් නැති බවත් ඔහුගේ දායකත්වය තවදුරටත් එජාපයට අවශ්‍ය බවත් පෙන්වා දි තීබේ..

රැස්වීම අල කිරීම

එහෙත් එම කතාව කරගෙන යෑමේ දී ඊට බාධා කරමින් ඇමැති විජිතමුණි සොයිසා, ජනාධිපති අපේක්ෂකයා ගැන විතරක් නෙවෙයි තවත් ප්‍රශ්න විසඳා ගන්න තිබෙනවා යැයි කියමින් අල ගොවියාගේ ගැටලු ගැන කතා කරන්නට පටන් ගෙන තිබේ. ඔහු සමඟ වාදයක සමරවීර මහතා පැටෙලෙන අතර තුරදී අගමැතිවරයා , අශූ මාරසිංහට හඬ ගා අශූටත් මොකක්ද කතාකරන්න තියෙනවා කිව්ව නේද ? යනුවෙන් අශු මරසිංහටද සමරවීරගේ හඬ වැසීමට මැදිහත් කර ගත්තේය..අශූ මාරසිංහ, මන්ත්‍රීවරුන්ට දෙන ලක්ෂ දෙකක දීමනාව පසුගිය ඔක්තොබරයේදී නවතා දැමීමට මුදල් ඇමති ලෙස මංගල සමරවීර ගත් ක්‍රියාමාර්ගය විවේචනය කරන්නට ගත්තේය. ඊට මුජිබර් රහුමාන්, එස් එම් මරික්කාර්ද පැටලුනු අතර ඊට පිළිතුරු දිමටද සමරවීර මහතාට සිදු විය.

ඔහු පවසා සිටියේ රජය ආර්ථික අර්බුදයකින් යන්තම් ගොඩ යමින් තිබෙන අවස්ථාවක එලෙස මන්ත්‍රීවරුන්ට අමතර දිමනා ලබා දීම කළ නොහැකි බවය. එය තමන් ප්‍රතිපත්තිමය කාරණාවක් මත ගත් තීරණයක් බවත් එය මීට පෙර පැහැදිලි කර තිබෙන බවත් දැන්වීය. මීට පෙර අවස්ථාවලදී ද තමන් එලෙස කටයුතු කර ඇති බවට කරුණු සහිතව පෙන්වා දීමට සමරවීර මහතා කටයුතු කළේය. එහෙත් ඒ අතරට විජේපාල හෙට්ටිආරච්චි ද සමරවීර මහතාගේ කතාවට බාධාකාරී ලෙස මැදිහත් විය.

එකම කාලගෝට්ටියක් බවට පත් වූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් කිරීම සඳහා එජාප සභාපති ඇමැති කබීර් හෂීම් මැදිහත් විය. ඔහු හෙට දිනයේදි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව සාකච්ඡා කිරීමට යෝජනා කරමින් රැස්වීම විසිරුවා හැරීමට කටයුතු කළේය.

ගෝඨා දිනවීමේ කුමන්ත්‍රණයක්

හෙට රාත්‍රියෙහි කැබිනට් රැස්වීමෙන් අනතුරුව එජාපෙ අනෙකුත් පක්ෂ නායකයන් සහ එජාප ප්‍රධානීන් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීමට නියමිතය. අද මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුයේ නැති අතර ඔහු තිස්සමහරාමයේ පැවැති ජන හමු කිහිපයකට සහභාගී වීම සඳහා ගොස් තිබිණි. ඒ යෑමට ප්‍රථම තමන් ජනාධිපතිවරණට ඉදිරිපත් වන බවට වන ලියැවිල්ල බාර දී තිබිණි.

සජිත් ගේ තීරණය යුක්ති සහගතය

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ අද දින සැලසුම් සහගත ලෙස ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන සාකච්ඡාව කඩාකප්පල් වන ලෙස කටයුතු කර තිබිණි..ඔහු අවසන් මොහොත දක්වා සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම වැලැක්වීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් සිටින බවත් පැහැදිලිය. ඔහුට අවශ්‍යව ඇත්තේ ප්‍රතිවාදී අපේක්ෂක්යා වන නන්දසේන ගෝඨාභයට ජනාධිපතිධුරය බන්දේසියක තබා පූජා කිරීමටත් එමඟින් ඔහුගේ පක්ෂ නායකත්වයත් අනාගත විපක්ෂ නායක ධුරයත් රැක ගැනීම බවද දැන් පැහැදිලිය. මේ තත්වය හමුවේ සජිත් ප්‍රේමදාස පාර්ශ්වය එජාපයේ ජයග්‍රහණය වෙනුවෙන් ගන්නා කවර ක්‍රියමාර්ගයක් වුව යුක්ති සහගත වෙනු ඇත.

Last modified on Monday, 16 September 2019 21:24

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us