මට බෑ.. සජිත්ට පුළුවන් ! - කරූ කියයි

Published in පුවත්
Tuesday, 17 September 2019 14:28

එළඹෙන ජනාධිපතිවරණයේ එජාපෙ අපෙක්ෂකයා ලෙස කරූ ජයසූරියව් ඉදිරිපත් කිරීම සඳහා රනිල් - රාජිත - රවී, රයනු ත්‍රිත්වය දැඩි උත්සාහයක් ගත්තද එය ලත් තැනම ලොප් වී තිබේ.

එජාපයේත් ඊට සහය දෙන බලවේගවලත් ඒකමතික තීරණයක් මත තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ කැමැත්තෙන් පසු වූවද එය නොකළ හැකි බව අද දින කරූ ජයසූරිය ප්‍රසිද්ධ කළ නිවේදනයෙන් පැහැදිලි වෙයි.

මේවන විටත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තීන්දුව ගෙන තිබේ. එසේම එජපෙට සහය දෙන පක්ෂවල සහයද සජිත් ප්‍රේමදාසට හිමිව තිබේ. මේ අනුව කරූ ජයසුරියගේ නිවේදනය අනුව ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව නොමැති බව මෙහිදී අවධාරණය කිරීමක් කර තිබෙන බව පැහැදිලිවේ.එමෙන්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනත් කෙ‍ටුම් පතක් ඉදිරිපත් කර තිබෙන ජනතා විමුක්ති පෙරමුණද මෙවර තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ තීරණයක් සිටියි.එම නිසා ඔවුන්ගේ සහයද කරූ ජයසූරියට ලැබෙන්නේ නැත.


එමෙන්ම අද දින ඔහු ඩේලි මිරර් පුවත් පතට දී තිබෙන ප්‍රකාශයෙහි සජිත් ප්‍රේමදාසගේ හැකියාව පරිණත බව  අගය කර තිබෙන්නේ ඔහුට පවරණ සෑම වගකීමක්ම ඉහළින්ම ඉ‍ටු කරන බව පවසමිණි.

ඩේලි මිරර් පුවත් වාර්ථාවේ පරිවර්නතය

එක්සත් ජාතික පක්ෂයේ සිටින සමහර පුද්ගලයින් පක්ෂයේ විරුද්ධවාදීන් සමඟ ගනුදෙනු කරන බවට අග්‍රාමාත්‍යවරයාට චෝදනා කළ අතර තවත් සමහරු ඇමති ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලට වඩා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති සමග ගැලපෙන බවට ප්‍රකාශ කරනවා. එවිට ඔබ එකම තේරීම ලෙස ඉතිරි නොවේද?

මේවා පක්ෂය තීරණය කළ යුතු කරුණු ය. නමුත් ඔවුන් අපේක්ෂකත්වය පිළිබඳව සංවාදයක නියැලී ඉන්න අතර එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් පැවැත්වීම ඕනෑම පක්ෂයකට සෞඛ්‍ය සම්පන්න ය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් තීරණය කරන්නේ එක් පවුලක් විසින් පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයක් වටා නොවේ.

මම සජිත් ප්‍රේමදාසව ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් දැන සිටියෙමි. ඔහු පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට සහාය දෙන බව පැවසීම හාස්‍යජනකය. මට මුලින්ම දේශපාලනයට සහ එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කළේ ඔහුගේ පියා ජනාධිපති ප්‍රේමදාස විසිනි. මට මතකයි සජිත්ගේ පියා මැරුණාට පස්සේ ඔහුව ගුවන් තොටුපලෙන් අරගෙන ගියා. ඔහු කුඩා කාලයේ සිටම මේ රටට සේවය කරන්නේ කෙසේද සහ ජනාධිපති ප්‍රේමදාසගේ උරුමය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න ගැන සිතමින් සිටියා. ඔහු පරිණත දේශපාලනයෙකු ලෙස වර්ධනය වන ආකාරය මම දැක්කා. ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසත් කැබිනට් අමාත්‍යවරයකු ලෙසත් නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කර තම හැකියාව පෙන්නුම් කර ඇති අතර, තමාට පවරා ඇති ඕනෑම කාර්යයක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් විශාල ජනප්‍රසාදයක් ලබා ගැනීමට සමත් වී ඇත.

ඔහුගේ වයස තවමත් අවුරුදු 52 ක් වන අතර ඔහුගේ වෘත්තීය ජීවිතය අතරතුර බොහෝ සෙයින් පරිණත වී ඇත. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයට අයත් වන අතර ඔහු සෑම විටම එම පක්ෂයට සහ එහි ප්‍රතිපත්තිවලට හොඳ කාලයෙදී මෙන්ම නරකම කාලවලදී පවා පක්ෂයට සහයෝගය ලබා දී ඇත. ඔහු පක්ෂයේ ඊළඟ පරම්පරාව නියෝජනය කරයි. පසුගිය වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය තුළ ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සහතික කිරීමට අනගි කාර්යභාරයක් ඉටු කළේය. මෙම තත්ත්වයන් යටතේ, පොදුජන පෙරමුණේ පුද්ගලයින් මෙන් ලෙහෙසියෙන්ම බලය ලබා ගැනීමට හැකි වුවත් ඔහුගේ ප්‍රතිපත්ති පාවා නොදී කටයුතු කිරීම කිසිසේත්ම පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රතිපත්තිවලට අනුගත වූ අයෙකුගේ සලකුණක් නොවේ.

2019.09.17 මාධ්‍ය නිවේදනය

පසුගිය සති කිහිපය තුල ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් මා ඇමතුහ.

ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ මා හමුවු අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින්ද මාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසය.

එම සියලු පාර්ශවයන් ඉදිරිපත් කළ පොදු කරුණ නම්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමත්, පවතින දේශපාලන ව්‍යාකූලත්වය සමනය කර ශිෂ්ඨසම්පන්න සත් පුරුෂ පාලනයක් ස්ථාපිත කිරිමත් සඳහා විශ්වාසනීය නායකත්වයක් රටට අත්‍යාවශ්‍ය හෙයින්, තමන් එම ඉල්ලිම ඉදිරිපත් කරන බවයි.

පළමුවෙන්ම මා කෙරෙහි එවන් විශ්වාසයක් රැඳවීම පිළිබඳව පුජ්‍ය පක්ෂය ඇතුළු අනෙකුත් සියලු පාර්ශවයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි.

කෙසේ වුවද, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලිමක් වුවද මා හට සලකා බැලිය හැක්කේ, “ 1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණි.

එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කල දියුණු ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් සමඟ පමණි.

එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය ‍කරමි.

කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව මාගේ හැඟීමයි.

කරු ජයසුරිය,

කථානායක

Last modified on Tuesday, 17 September 2019 14:52

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us