හොර සහතිකවලින් නන්දෙට ගොඩයන්න බැරි පාටයි. මෙරට පුරවැසිභාවයත් නැතිවෙන ලකුණු

Published in පුවත්
Sunday, 29 September 2019 11:35

නන්දසේන ගෝඨාභය වලංගු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බැවින්, ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය තහනම් කරන ලෙස ඉල්ලා පසුගිය සිකුරාදා (27) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත. සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.


මෙම පෙත්සමේ පිටපතක් පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් විසින් මේ වන විටත් නන්දසේන ගෝඨාභය සහ සෙසු විත්තිකරුවන් වෙත යවා ඇති අතර, දැනගැනීමට ඇති ආකාරයට නන්දසේන ගෝඨාභය විසින් එය සිය නීතිඥවරුන් වෙත යොමු කර තිබේ. මෙම පෙත්සම නොතීසි නිකුත් කිරීම සදහා සදුදා (30) දින විවෘත අධිකරණයේ කැදවන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මෙම පෙත්සම්කරුවන් විසින්ම කළ පැමිණිල්ලකට අදාලව කොළඹ මහේත්‍රාත් අධිකරණයේ නන්දසේන ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද 'බී' වාර්තා අභියාචනාධිකරණයේ මෙම පෙත්සම ගොනු කිරීමේදී අමුණා ඇති අතර, එකී 'බී' වාර්තා මගින් හෙළිවන කරුණු අනුව නන්දසේන ගෝඨාභයට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට අදාළව ලිපිගොනුවක් ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නැති බවත්, එසේම නන්දසේන ගේ පුරවැසිභාවය සම්බන්ධ වාර්තා සොරකම් කර ඇති බවත් තමන් විශ්වාස කරන බව පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.

එසේම, පුරවැසි පණතේ 19 වන වගන්තිය ප්‍රකාරව නන්දසේන ගෝඨාභය ද්විත්ව පුරවැසිභාවය සදහා නිසි අයදුම්පතක් ඉදිරිපත් කර නොමැති බවත්, එබැවින් නන්දසේනට ඇතැයි කියන ඊනියා ද්විත්ව පුරවැසි සහතිකය වංචනික සහ / හෝ අවලංගු සහ බලශුන්‍ය වන බැවින් එම සහතිකයේ නීත්‍යානුකූල වලංගුභාවයක් හෝ බලපෑමක් නොමැති බව ද පෙත්සම මගින් දක්වා ඇත.

එසේම පෙත්සම්කරුවන් දක්වා ඇත්තේ නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා නන්දසේන ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව තමන්ට දැන ගැනීමට ඇති බවත්, ඔහු නිත්‍යානුකූල ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන්නේ නම්, ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් රටේ පුරවසියන්ට, ජාතික ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවයට, ස්වෛරීභාවයට ආපසු හැරවිය නොහැකි බරපතල හානියක් සිදුවිය හැකි බවත්ය.

එබැවින්, අභියාචනාධිකරණයෙන් අතුරු සහනයක් ඉල්ලා සිටින පෙත්සම්කරුවන්, නන්දසේන ගෝඨාභයගේ ඇතැයි කියන ඊනියා ද්විත්ව පුරවැසි සහතිකය, ජාතික හැදුනුම් පත සහ විදේශ ගමන් බලපත්‍රය අත් හිටුවන ලෙසත්, ශ්‍රී ලාංකික පුරවසියෙකු යන පදනම මත පිහිටා ක්‍රියා කිරීමට නන්දසේන ගෝඨාභයට හෝ ඔහුගේ නියෝජිතයන්ට, සේවකයන්ට ක්‍රියා කිරීම වළක්වන අතුරු නියෝගයක් නඩුවේ අවසාන තීන්දුව ලබා දෙන තෙක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටී.

මේ අනුව අභියාචනාධිකරණය මෙකී ඉල්ලා ඇති අතුරු සහන සහ නියෝග පෙත්සම්කරුවන්ට ලබා දුනහොත්, නන්දසේන ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂකත්වය විශාල අවදානමට ලක්වීමට ඉඩ ඇත.

සැබැඳි පුවත්:

 නන්දසේනට තමන්ගේ ඡන්දයවත් මෙවර නෑ. 

 නන්දසේනගේ තවත් හොර හැඳුනුම්පත් වංචාවක් හෙළිවෙයි  

 එජාප ජනාධිපති අපේක්ෂකයා ඒකමතික තීන්දුවකින් ! පොහොට්‍ටු නන්දේ ෂුවර් නැහැ. 

ගෝඨා කියන්නෙ කල්ල‍තෝනියෙක්. නලීන් ද සිල්වාගේ පැහැදිලි කිරීම එසේය 

 අමරිකාවේ සහය ගන්න SOFA - ACSA ගිවිසුම් වලට ගෝඨා එකඟවේ. 

 ගෝඨාගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නෙ SOFA සහ ACSA ගිවිසුමට එකඟ නම් පමණයි. 

හිරගෙදර සිටිය යුතු ගෝඨාට, රනිල් උදව් කරන්නෙ ඇයි ? 

 වන්දනා ගමන අවසන් කර ගෝඨා යළි සියරටට යන ලකුණු 

ගෝඨා සුළඟ ඊයේ රෑම අවසන්.. ඉල්ලපු හින්දා දුන්නා, මහින්දත් අතපිහ ගනී. 

 ගෝඨා, මෙරට පාස්පෝර්ට් එක, හොරට හදපු හැටි

පොහොට්‍ටුවේ අපේක්ෂකයා කවුද කියල තීරණය කරන්නෙත් රනිල්

ගෝඨාගේ අමරිකානු පුරවැසිභාවය අහෝසි කර නැත. ඉල්ලීමක් පමණක් කර තිබේ. එයත් බොරුවක් ? 

 සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි. 

 ගෝඨා, අමරිකානු පුරවැසිකම ඉවත්කර ගත්තලු.. රට අන්දවන හොර ලියවිල්ල මෙන්න ! 

Last modified on Sunday, 29 September 2019 11:43

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us