ඇල්පිටියේ ජයග්‍රහණයේ අවාසිය නන්දසේනටය. පරාජයේ වාසිය සජිත්ටය Featured

Published in පුවත්
Saturday, 12 October 2019 14:49

ඇල්පිටියේ ඡන්දය ඉල්ලුවේ ගෝඨාභය , මහින්ද, රනිල්, සජිත්, අනුර හෝ මෛත්‍රී නොවේ. ඒ ගම්වල මිනිස්සුන්මය.. රාජපක්ෂගේ නමින් පොල්ලෙල්ලක් දැම්මත් ඡන්දෙ දෙන මිනිස්සු කොහොමත් ඡන්දය පොහොට්‍ටුවට දැම්මේය.. ගමේ නියෝජිතයා මොකාද කියන එක ඔවුන්ට වැදගත් නැත.. ජවිපෙ සාමාජිකයාද එසේය.

ඒත් එජාප සහ ශ්‍රීලනීප ඡන්ද බහුතරය එහෙම නොවේ. ඒ පක්ෂෙ නමින් එන ගමේ මිනිහාගේ වගතුග ඔවුන්ට වැදගත්ය. ඔවුන් කළ කී දේ සහ ඉස්සරහට කරන කියන දෙයත් ඉන් තමන්ට ඇති ප්‍රයෝජනය ගැනත් ඒ පාක්ෂිකයන් කල්පනා කරති.

ඡන්ද දීමට ඡන්ද පොළට නොගිය වුන්ට ඒ අපේක්ෂකයන්ගේ කියුම් කෙරුම් කිසිවක් වැදගත් නැත.

ජනාධිපතිවරණයකදී ඒ තීරණ වෙනස් වීමේ සම්භාවිතාව වැඩිය. ශ්‍රී ලනිපයට වැ‍ටුණු ඡන්ද පොහොට්‍ටුවට නොවැටීම ගැන එජාපය කතා කළත් එය ජනාධිපතිවරණයේදී එජාපයට ලැබෙන බව ඉන් කියවෙන්නෙ නැත. එසේම පොහොට්‍ටුව , ශ්‍රීලනිප ඡන්ද ගොඩ සමඟ ගනන් හැදුවද ජනාධිපතිවරණයේදි එහෙම වෙන්නේ නැත. එසේම ජවිපෙ තමන්ට ගමේදී ලැබුණු ඡන්ද ගැන උදම් ඇනුවාට ජනාධිපතිවරණයේදී ඒක එහෙම වෙන්නෙ නැත. ඒ ජවිපෙටත් එජාපයටත් ශ්‍රීලනිපයටත් අභියෝගයක්ව සිටින පොදු හතුරෙක් ඉන්නා බැවිනි. ඒ හතුරාගේ ජයග්‍රහණය ගැන ඇල්පිටියේ ප්‍රතිපලය විසින් දෙන ඉඟිය ජනාධිපතිවරණයේ දී බලපැවැත්වේ.

ඇල්පිටියේ ජය ගෝඨාබයගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට බාධා කරන බව දැන් තේරුම් ගත යුතුය. තමන්ට එරෙහිව සියළු බලවේග එක් කේන්ද්‍රයකට එකතු වීමේ සම්භාවිතාව වැඩි වී තිබේ. ඒ සඳහා බලකර තිබේ. එසේම ඇල්පිටියේ ලබා ගත් සියයට 57 කට ආසන්න ඡන්ද ප්‍රමාණය ගොටාබයගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එනම් සියයට 50 ඉක්මවා යෑමට ප්‍රමාණවත් නොවේ. මන්ද ඇල්පිටිය ඡන්ද දායකයා යනු මුළුමනින්ම පාහේ සිංහල බෞද්ද ඡන්දාදායකයන් සිටින ප්‍රදේශයකි. රාජපක්ෂලාගේ බලකොටුවකි.

සිංහල ඡන්ද වලින් පමණක් ජය ගත හැකි බවට අපේක්ෂා කරන ගොටාබයට සමස්ත රට තුල ලැබෙන සිංහල ඡන්ද ප්‍රමාණය එතරම්ම හෝ ඊට අඩු විය හැකිය. එම තත්වය ජනාධිපතිවරණ ජයග්‍රහණයට බාධා කරයි. අනිවාර්යෙන්ම සුළු ජන කොටස් දිනා ගැනීම විය යුතුවම තිබේ.

තව තවත් සිංහල ජාතිවාදියකු වී තවත් සිංහල ඡන්ද දිනා ගැනීමේ හැකියාව ඔහුට නැත. දකුණු පළාත ඇතුලුව කුරුණෑගල මොනරාගල වැනි පළාත්වල පොහොට්‍ටු පාර්ශ්වයට වැඩියෙන් සිංහල ඡන්ද ලැබුණද අනෙක් පළාත්වල එහෙම තත්වයක් නැත. 2018 මැතිවරණ ප්‍රතිපලය මේ ගැන පැහැදිලි චිත්‍රයක් දී තිබේ. මේ නිසා සුළු ජාතික ඡන්ද ගැන ඔහුට කල්පනා කිරීමට සිදුවේ.. එහෙත් සිංහල බෞද්ධ ජාතිවාදය නඩත්තු කරමින් සුළු ජන කොටස් දිනා ගැනීම අසීරු කරුණකි.

මේ අනුව ඇල්පිටියේ ඡන්ද ප්‍රතිපලය විසින් වඩාත් අර්බුධයකට පත්ව ඇත්තේ නන්දසේන ගොටාබයය.

මෙම ඡන්ද ප්‍රතිපලය විසින් එජාපයට ද බරපතල අනතුරු හැඟවීමක් සිදු කර තිබෙන බව ද කිව යුතුය. ගමේ ඡන්ද ගැන තිබූ බලාපොරොත්තුව බොඳ වී තිබේ. ශ්‍රිලනීපය සහ ජවිපෙ වෙන්ව යෑම නිසා අහිමි වන විශාල ඡන්ද ප්‍රතිශතය අත්පත් කර ගැනීම ලෙහෙසි නැත. එසේම ඡන්ද නොදී සිටීමට කටයුතු කර ඇති ඡන්ද දායකයාද දිනා ගත යුතුව තිබේ..

එසේම මෙහිදී අවධානයට ගත යුතු අනෙක් කරුණ නම් පොහොට්‍ටුව වෙත ඇදී ගොස් තිබෙන අලුත් සහ තරුණ ඡන්ද දායකයා තමන් වෙත ඇද ගැනීම ගැනය.

2011 වසරේදී ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා සන්ධානය නමින් රාජපක්ෂවරුන්ද ශ්‍රීලනිපයද එක්ව තරග කර ඡන්ද 20,000 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන තිබු අතර මෙවර ශ්‍රීලනීපය වෙන්ව ගොස් ඡන්ද 5,000 කට ආසන්න ප්‍රමාණයක් ගන්න විට රාජපක්ෂවරුන් ඡන්ද 23,000 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. එනම් අලුත් ඡන්ද 8,000 කට ආසන්න ප්‍රමාණයක් අලුතෙන් එකතු කර ගැනීමට රාජපක්ෂවරු සමත්ව ඇති බවය.

ගෝටබය නැමැති පොදු හතුරාව පරාජය කළ යුතු බවට ගොඩනැගෙන අලුත් මතය නියමාකාරයෙන් තමන්ගේ ජයග්‍රහණයට පාවිච්චි කර ගැනීමට නිවැරදී දේශපාලන කලමණාකාරිත්වයක් සජිත් හා එම පාර්ශ්වය සතු නම් එය ඔහුට වාසිදායක තත්වයකි. එසේම සුළු ජාතික ජන කොටස් සජිත් කෙරෙහි වන විශ්වාසය තව දුරටත් වර්ධනය කර ගැනීමද ඔහුට ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබා ගැනීමට හැකි තත්වයකි.

එමෙන්ම ජනාධිපතිවරණයේ දී සජිත් හැර වෙනත් ඕනෑම අපේක්ෂකයකු වෙනුවෙන් පාවිච්චි වන ඡන්දයක් වේ නම් ඒ ගෝඨාබයගේ ජයග්‍රහණය වෙනුවෙන් බවත් අවධාරණය කර පැවැසිය යුතුය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us