ජවිපෙ අපේක්ෂාව ගෝඨාභයයි ! අනුර මහන්සි වෙන්නෙ ඒකටය.. Featured

Published in පුවත්
Monday, 14 October 2019 13:46

ජවිපෙ දේශපාලන වුවමනාව ගෝඨාබය බලයට පත්වීමය. ඒ ඉතා පැහැදිලි කරුණක් බවට ජවිපෙ විසින්ම පෙන්වා දෙමින් තිබේ. ජවිපෙ එහෙම කරන්නෙ සිය දේශපාලන පැවැත්ම වෙනුවෙනි.. ජවිපෙ වැනි සංවිධානවල පැවැත්ම තිබෙන්නෙ බලවත් සතුරෙකු අභිමුඛ වන විට පමණි.

2015 සිදු වූ බල පෙ‍රැලිය නිසා ජවිපෙට ශක්තිමත් සතුරෙකු අහිමි විය. එය ජවිපෙට පමණක් නොව වාමාංශික ආභාශය සහිත සෙසු පක්ෂවලටද අහිමි විය. පොදු ජන පෙරමුණ පවා ජාතිවාදී සටන් පාඨයට මුවා වූයේ වෙන කරනන් දෙයක් නොමැති තැනය. යහපාලනය මත පදනම් වූ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුල වාමාංශික ආභාශය සහිත කණ්ඩායම් වලට සටන් පාඨ අහිමි වේ. ඒ නිසාම පැවැත්ම අහෝසි වේ.

ජවිපේ මුහුණ දි තිබෙන දේශපාලන අර්බුධය එයය. බලවත් දේශපාලන බලයක් ගොඩනගා ගැනීම සඳහා ජවිපෙ වත්මන් නායකත්වය දරණ උත්සාහය තුල සිය පක්ෂයේ දේශපාලන උරුමය, සම්ප්‍රදාය, ප්‍රතිපත්ති ආදී සියල්ල ඒ වෙනුවෙන් පරදුවට තැබීමට කටයුතු කර තිබේ.

ඉදිරියේදී බලයට පත්වන්නේ කවර පාර්ශ්වයක් වූවත් එය ජවිපෙට බලපවත්වන්නේ තමන්ගේ දේශපාලනය ජයග්‍රහණය කිරීමට වඩාත් වාසි සහගත වන පාර්ශ්වයට අවස්ථාව ලැබුණොත් පමණය.. එනම් රාජපක්ෂ පරපුරේ මර්දනකාරී පාලන තන්ත්‍රය ඔවුන්ට අවශ්‍යය. රාජපක්ෂලාගෙන් ජවිපෙ නායකත්වයට කරදරයක් නැත.. මන්ද ඒ පවුලේ දේශපාලනයට, පවුලේ පුද්ගලයන් ඉලක්ක කර ගත් පෞද්ගලික ප්‍රහාරයන් වෙත ජවිපෙ කටයුතු නොකරන නිසාය. ජවිපෙ නිරන්තරයෙන් ගොඩ නගන්නේ පොදු විවේචනයකි. එය රාජපක්ෂලාට හානි දායක නොවේ. පයිසයකට ගනන් නොගනී.

පසුගිය ආණ්ඩු සමයන් හීදී රාජපක්ෂලාගේ මර්දනයට ගොදුරු වූයේ පෞද්ගලිකව රාජපක්ෂ පවුලේ චරිත ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයන් නිසාය. ඒවාට වගකිව යුතු අය පරලොව යැව්වේය. රාජපක්ෂලාට එරෙහිව ඉතා දැඩි ප්‍රහාර එල්ල කර ජවිපෙ නියකයන් මේක ජවිපෙ නායකත්වයද ඉතා පැහැදිලිවම දන්න සත්‍යයකි. එම නිසා ගොඨාබය ජනධිපති වී මහින්ද අගමැති වන ආණ්ඩුවක් බිහි වූවා කියා ජවිපෙට ගැටලුවක් නැත..එය වාසිදායක තත්වයකි. රාජපක්ෂලාගේ මර්දනය හමුවේ ජවිපෙට ඉතා හොඳ සටන් පාඨ ලැබේ..විරෝධතා උද්ඝෝෂණ වලට අවස්ථාව ලැබේ. ඒ උද්ඝෝෂණයකදී කඳුළු ගෑස් වැදීම හෝ එකෙකු දෙදෙනකු වෙඩි කෑම ද ජවිපෙට ලාබයකි. ඒවා කියලා කරගන්නා වැඩ මෙනි.

මෙමඟින් තව දුරටත් දේශපාලන බලය උදෙසා අවස්ථාවක්, ඉඩ කඩක් ජවිපෙට නිර්මාණය කර ගත හැක. ඒ අනුව ගොඨාබයගේ ජයග්‍රහණයට අනියමින් උදව් කිරීම මේ මොහොතේ ජවිපෙ තෝරපු දේශපානයයි.. ගොඨාට එරෙහි බලවේග එකතු කරනවා වෙනුවට ඒ බෙදා වෙන් කිරීමට කටයුතු කරන්නේද එබැවිනි. එසේ නොමැතිව මෙවර ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකට ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ වෙනත් කිසිදු දේශපාලනික තර්කයක් නැත.

අනුරගේ අපේක්ෂාව කොහොම හරි තමන්ගේ පක්ෂයට එළඹෙන මහ මැතිවරණයේදි තව මන්ත්‍රීධුරයක් හෝ වැඩියෙන් ලබා ගැනීමේ අපේක්ෂාව මිසක්..රටේ පුරවැසියාට වැඩියෙන් යමක් ලැබීමේ දේශපාලන නොවේ.

මේ පහතින් පලවන්නේ අනුර කුමාර ඊයේ පවත්වූ දේශනයක කොටසකි..මේ කියන්නේ ගෝඨාබය බලයට පත්වීම ප්‍රශ්නයක් නොවන බවය.

https://sinhala.srilankamirror.com/news/21591-auru-balayata-awath-palanayakata-ida-ne

aaaaaaaaaa

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us