දෙරණ, හකීම්ට ගැසූ මඩ පාරා වළල්ලක් වේ. හකීම්ට ජාතියේ උපහාරය හිමිවේ. Featured

Published in පුවත්
Saturday, 19 October 2019 15:59

මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් .පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරුවා යැයි කියන සහරාන් හශීම් නැමැත්තා සමඟ සාකච්ඡා කරන විඩියෝවක් ඊයේ දෙරණ රූපවාහිනිය විසින් ප්‍රචාරය කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට හකීම් සම්බන්ධ බව හැඟ වීමටය.

එසේම රාජපක්ෂලාගේ මුදලින් යැපෙන මුස්ලිම් කණ්ඩායමක් යොදවා මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමටත් පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක් කිරීමට ගෝඨාභයගේ මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම කටයුතු කර තිබිණි.. එයටද දෙරණ අධිපති දිලිත් ජයවීර ඇතුළු පිරිසක් විසින් සිදු කරනු ලැබූවක් බවට තොරතුරු තිබේ. මේ නාටකය නිර්මාණය කිරීමට නන්දසේන ගොඨාබයට සිදුව තිබෙන්නේ මේ වන විට දැවැන්ත පරාජයක් ගැන තිබෙන බිය නිසා කෙසේ හෝ සිංහල ජාතිවාදය අවුලුවා ජයග්‍රහණයට පාරක් කපා ගැනීමට බව පැහැදිලිය.

එහෙත් ඒ වැඩේ සාර්ථක වූයේ නැත. මේ විඩියෝවක් මඟින් පෙන්වන සාකච්ඡාව 2015 මහ මැතිවරණයට පෙර සිදුවූවක් වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ දී සාමාන්‍ය දෙයකි. මෙහිදී සහරාන් ඇතුළු පිරිස තමන්ගේ ඡන්ද ගොඩ ගැන කියා කරන ඉල්ලිම් කිසිවකට හකීම් එකඟ වූයේ නැත. හකීම් යම් ලෙසකින් එයට එකඟ වූවා නම් අද මේ සිංහල ජාතිවාදී ගොටු පාර්ශ්වය ගොතන චෝදනාව පිළිගත හැකිව තිබිණි. එසේම සහරාන්ලාගෙන් ප්‍රහාරය එල්ල වන්නේ අහිංසක ක‍තෝලික ජනතාව ඉලක්ක කරගෙන නොවේ. බොම්බ පුපුරා යනු ඇත්තේ පාර්ලිමේන්තුව තුලය..

කොහොම නමුත් සහරාන්ලාගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වීම නිසා සහරාන්ලා නැවත ගොස් නතර වූයේ කාගේ සේවනේද යන්න ගැන සොයා බැලුව හොත් ඇත්ත කතන්දරය පැහැදිලි වෙනු ඇත.. කාන්තන්කුඩියේදී සහරාන්ලා දේශපාලනය කළේ කගේ වුවමනාවක් වෙනුවෙන්ද යන්න සොයා ගත හැකිය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ දේශපාලන වාසිය ගත්තේ කවුද යන්න ගැන විමසා බැලුවොත් සහරාන්ලා සේවය කළේ කාටද යන්න ගැන සිතා ගත හැකිය.

සහරාන්ලාට ගොඩ නැගීමට අනුග්‍රහය දැක්වූයේ රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ව සිටි න්නදසේන ගොඨාබය බව කිසිවකුට රහසක් නොවේ. එය ඔවුන් විසින්ම පිළිගත් සත්‍යයකි. සහරාන්ලාගේ දේශපාලන කටයුතු සඳහා උදව් පදව් කළ හිස්බුල්ලාගේ දේශපාලනය ගැන සොයා බැලුවොත් සහරාන්ලා සේවය කළේ කාටද යන්න ගැන තවත් තහවුරුවක් ලබා ගැත හැකිය. හිස්බුල්ලා අද කාන්තන්කුඩියට වී කියන්නේ ගොටාබය දිනවිය යුතු බවය. උන්මන්තක සහරානලා ආගම වෙනුවෙන් කියා ජීවිතය විනාශ කර ගත්තේ මේ ගෝඨාබහයගේ ජයග්‍රහණය ට මිසක් වෙන කිසිවකට නොවන බව කිසිවකුට කිව හැකියග එය සාධාරණ සැකයකි.

මේ උන්මන්තකයාගේ සහය ලබා ගෙන දේශපාලන ගේම් ගසනවා වෙනුවට රාවුෆ් හකීම්ට එය ප්‍රතික්ෂේප කිරීමට හැකි වීම ගැන සිංහල බෞද්ධ ක‍තෝලික හින්දු මෙන්ම මුස්ලිම් ජනතාවත් ඔහුට ස්තූතිවන්ත විය යුතුය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us