දෙමළ මුස්ලිම් විරෝධය උග්‍ර වෙයි. සුළු ජාතිකයන් අනතුරේ Featured

Published in පුවත්
Saturday, 19 October 2019 02:38

පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක නන්දසෙන ගොඨාබයගේ ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුමේ ප්‍රධාන අංගය වන දෙමල මුස්ලිම් විරෝධය මේ වන විට වේගයෙන් ව්‍යාප්ත කිරීම සිදුවෙමින් තිබේ.

සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් ජනාධිපතිධුරය දිනා ගැනීමේ අවකාශය සපුරා ගැනීම වෙනුවෙන් දැඩි ලෙස දෙමල සහ මුස්ලිම් විරෝධය කුලු ගන්නවන ප්‍රචාරක මෙහෙයුමක් අරම්බ කිරීමට සිදුව ඇත්තේ මේ වන විට නන්දසේනගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් බැස යමින් තිබෙන බව එම පාර්ශ්වයේ සමීක්ෂණ වාර්තා මඟින් පෙන්වා දීම නිසාය..

මේ වන විට පොදුජන පෙරමුණේ ග්‍රාමීය සංවිධායකයන් පවා පරාජයේ ඉව වැටී මැතිවරණ ප්‍රචාරක කටයුතු වලින් ඉවත් වීම පැහැදිලිවම දකින්නට ලැබෙන්නකි. මේ තත්වය අනුව දරුණු පරාජයකට පත් වීමේ ඉඩ කඩ අහුරා ලීම වෙනුවෙන් දෙමළ මුස්ලිම් විරෝධය ඉතා ඉහල අඩියකින් තබා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පරාජය වූවත් සුළු ජාතිකයන් විසින් තමන්ව පරාජය කළ බව පැවැසීමට අවශ්‍ය ඉඩ කඩ තබා ගනිමින් පරාජය විය යුතු බව එම පක්ෂයෙ ප්‍රධානින් විසින් තීන්දු කර තිබේ. එසේ නොවුණ හොත් එළඹෙන මහ මැතිවරණයේදීද දරුණු පරාජයකට ලක් විය හැකි බව ඔවුන්ගේ උපකල්පනය වී තිබේ.

මේ අනුව ඉදිරි දින කිහිපයේදී සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රහාරාත්මක ප්‍රචාරක මෙහෙයුම තවත් දැඩි විය හැකිය. එමෙන්ම ඒ හරහා රට තුල ජාතිවාදී ගැ‍ටුම් කාරිත්වයක් මතු කිරීමටත් සමාජ ජාලා තහනම් කරවා ගැනීමට තරම් ජාතිවාදී ප්‍රචාරක කටයුතු ඒ තුල සිදු කිරීමත් සිදු වෙනු ඇත. මේ වන විට සමාජ ජාල ගිණුම් 900 ක පමණ ජාල ගත කරන ලද සංවිධානාත්මක මෙහෙයුමක් ඔවුන් විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් දැනගැනීමට ඇත. එමෙන්ම මේ රටේ වට්ස්ඇප් සම්බන්ධතා මිලියන 12 ක් සහිත සම්බන්ධතා ජාලයක් මඟින් මේ ජාතිවාදී ප්‍රචාරක කටයුත්ත දියත් කිරීමටද කටයුතු සූදානම් කර ඇතැයි දැනගැනීමට තිබේ.

ඒ කෙසේ නමුත් නන්දසෙන ගෝඨාබයගේ ජනාධිපතිවරණ මෙහෙයුම නිසා යළිත් වතාවක් රට තුල ජාතිවාදී ආගම්වාදී ගැ‍ටුම් නිර්මාණය වුව හොත් එය බරපතල තත්වයක් වනු ඇත. රාජ්‍ය බලය අල්ලා ගැනීමේ වියරු බල පෙරේතකමකින් වෙසෙන රාජපක්ෂලා සහ ඔවුන්ගේ තකතීරු වහල් බලවේග මේ වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුව සූදානමකින් පසුවීම ඊට හේතුවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us