මහින්ද මැදමුලනේ, බැසිල් ගෝටා බඩු පැක් කරයි. හෙංචයියන් විනාසයකට සූදානමින් Featured

Published in පුවත්
Thursday, 14 November 2019 21:42

ජනාධිපතිවරණයේ සියලු සමීක්ෂණ වාර්තා මඟින් ගොටබය රාජපක්ෂ පරාජයට පත්වන බව මීට සතියකට පමණ ප්‍රථමව සිට තහවුරු විය. මේ අනුව පොදුජන පෙරමුණේ අයිතිකාර බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ බර කරට ගෙන කටයුතු කිරීම සිදුවූ නමුත් ඒවායේ සාර්ථකත්වයක් තිබුණේ නැත.

ඊයේ බැසිල් රාජපක්ෂ විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාව තුලිනුත් පැහැදිලි වූයේ ඔවුන්ගේ පරාජය සහතික බවය.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මේ වන විටත් පරාජය බාර ගනිමින් මැදමුලන නිවසට ගොස් සිටී. බැසිල් සහ ගොටා රට අත් හැර යෑමේ සූදානමින් පසුවේ. තමන්ගේ ගුවන් බලපත්‍ර අධිකරණය භාරේ පවතින නිසා ඊට ඇතිවන බාධාවන් සමනය කර ගැනීමට අද ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය වරයකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡ කර ඇති බවත් දැන ගැනීමට තිබේ.

එහෙත් ඔවුන්ට එරෙහිව වන අපරාධ චෝදනා බරපතල බැවින් ඔවුන්ගේ විදේශගත වීම වෙනුවෙන් ගමන් බලපත්‍ර නිදහස් කිරීම අසීරු වෙනු ඇතැයි අදාල ඇමැතිවරයා පවසා ඇත.

මේ අතර පොදුජන පෙරමුණේ ප්‍රචාරක අංශයන් බාරව සිටි පුද්ගලයන්ද එම කාර්යාල අත් හැර ගොස් ඇත. ඊට සම්බන්ධව කටයුතු කළ ප්‍රධානියකු පවසූවේ පසුගිය දින දෙක තුන තුලදීම කිසිදු රාජපක්ෂ වරයකුගෙන් තමන්ට ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් උපදෙසක් හෝ ඒ කිසිවකු කාර්යාලයට සම්බන්ධ වීමක් හෝ නොවුනු බවය.

මේ අතර ගෝබයගේ මිලිටරි ජුන්ටාව සහ පොදු ජන පෙරමුණේ ප්‍රධානින් අතර ගැ‍ටුම් කාරිත්වයක්ද මේ දින වල දකින්න ලැබිණි. මිලිටරි ජුන්ටාව මෙම ඡන්ද ව්‍යාපාරය සියතට ගෙන කටයුතු කිරීමට යන විට බැසිල් සහ මහින්ද ඒ වහාම වලක්වා ඔවුන්ව මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කරනු ලැබීය. සියලු ප්‍රචාරක මෙහෙයුම් බැසිල් රාජපක්ෂ අතට ගනු ලැබීය. එහෙත් මේ වන විට පරාජය සහතික වීම නිසා මේ මිලිටරි ජුන්ටාව චෝදනා කරන්නේ අපිට දුන්නා නම් මෙහෙම වෙන්නෙ නෑ කියාය. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ වැනි ජාතිවාදී නඩයද බැසිල් රාජපක්ෂට අම්ම මුත්තා මතක් කරමින් පළු යන බැන වදිමින් සිටින බව වාර්තා වේ.

කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ ඊට පිලිතුර දී ඇත්තේ ජාතිවාදය පැතිරුවා නම් මේ ලැබෙන ඡන්ද ටිකවත් නොලැබෙන බවය. තමන් මැදිහත් නොවෙන්න කුජිත ලෙස පරාජයට පත් වීම අනිවාර්ය බවයි.

මේ කො බහ කෙසේ වූවද මේ වන විට පොහොට්‍ටු ප්‍රාදේශීය නයකයන් ගහලා හෝ බලය ලබා ගත යුතුයි කියන ස්ථාවරයේ සිට කටයුතු කරමින් තිබේ. සුළු ජාතික කණ්ඩායම් වලට බරපතල ලෙස බලපෑම් කරමින් ඡන්දය දැමීම වලක්වාලීමට කටයුතු කරමින් තිබේ. උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ඡන්දය වර්ජනය කරන ලෙස පත්‍රිකා බෙදා හැරීමද සිදු කර තිබිණි.

මේ අතර සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සිය ජයග්‍රහණය ඉහළින්ම සැමරීමේ සූදානමකින් පසුවන බව දැන ගැනීමට තිබේ. මෙය එජාපය ලබන ඓතිහාසික ජයග්‍රහණයක් වන නිසා එය ගම් මට්ටමින් නගර මට්ටමින් සහ ජාතික වශයෙන් සැමරිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us