මාලදිවයින් කුඩු ජාවාරම පි‍ටුපස පුලතිසි පුත්‍රයෙක්. දේශපාලනයේ අනුහසින් ඔහු නිදහස් Featured

Published in පුවත්
Sunday, 01 March 2020 23:22

මීට දින කිහිපයකට පෙර (පෙබ.25) නාකොටික් පොලිස් ඒකකය විසින් අත් අඩංගුවට ගන්නා ලද කුඩු කිලෝ 4 සමඟ මාලදිවයින් ජාතීකයන් 6 දෙනකු ගැන වාර්තා වූ පුවත සම්බන්ධ සිද්ධිය පි‍ටුපස මෙරට දේශපාලන ප්‍රභූවරයකුගේ ව්‍යාපාරික සොයුරාගේ පුත්‍රරත්නය සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ..

මාලදිවයින් ජාතිකයන් 6 දෙනෙකු අත් අඩංගුවට ගත් බව කියවුනද එම වැටලීම වන මොහොතේ ඒ අතර ශ්‍රි ලාංකිකයන් කිහිපදෙනෙකු සිට ඇති බවත් ඒ එක් අයකු මෙරට ධාන්‍යගාරයක් කළ පුලතිසි පුරවරයට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයාගේ පුත්‍රයා වෙයි. රුසියානු උරුවේ මුල් නම ඇති මේ පුද්ගලයා මහරගම ප්‍රදේශයේ සුවිසල් නිවසක් නිවහන කරගෙන ජීවත් වන්නෙකි. එම නිවස දේශපාලන ප්‍රභූවරයාගේ පුත්‍රයා වෙනුවෙන් මීට කලකට පෙර මිලදී ගත්තකි. ඒ ගනු දෙනුව සිදු කරනු ලැබුවේද මේ ව්‍යාපාරික සොහොයුරා විසින්ය. ඒ කෙසේ නමුත් මේ ව්‍යාපාරික පුත්‍රයා මෙම කුඩු ජාවාරම මෙහෙයවන ප්‍රධානියා වන අතර ඔහුගේ සගයා වන ස්ටීවන් නෙල්සන් නැමැති ශ්‍රී ලාංකිකයාද මේ අතර සිට ඇත. එහෙත් ව්‍යාපාරික පුත්‍රයා අත් අඩංගුවට ගැනීමට පොලිස් මහත්වරු කටයුතු කර නැත. දේශපාලන අධිකාරයේ බලය පාවිච්චි කොට ඔහු දැන් නිදැල්ලේ පසුවෙයි.

මේ අතර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගනු ලැබු ‍රැඳවුම් නියෝගයක් අනුව මේ අය පොලිසිය බාරයේ සිටින අතර මේ අය අතරින් මාලදිවයින් ජාතිකයන් දෙදෙනා හා නෙල්සන් තැමැත්තා බේරා ගැනීමේ මෙහෙයුමක්ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ. අත් අඩංගුවේ සිටින අනෙක් සිංහල ජාතිකයකු මේ ව්‍යාපාරික පුත්‍රයාගේ නිවස යාබද නිවසක පදිංචිකාරයකු වන අතර ඔහු බේබී නමින් ප්‍රකට පාතාල කෙරුමෙක්ද වෙයි. එම පුද්ගලයා තම ස්වාමියා වෙනුවෙන් කුඩු තොගයේ වගකීම බාර ගැනීමට මේ වන විට ඉදිරිපත්ව සිටින බවත් දැනගැනීමට ඇත.

කොහොම නමුත් වත්මන් දේශපාලන අධිකාරියේ අනු හසින් මේ ප්‍රභූ පුත්‍රයා මේ වන විටත් නිදහස්ව සිටින අතර ඔහුගේ පිය පාර්ශ්වයද මේ වන විට වත්මන් දේශපාලන අධිකාරියට සහය දීමට ඉදිරිපත්ව සිටින නිසා කුඩු නොව මීට වඩා විනාශකාරී නීති විරෝධී කවරක් රටට සිදුකළද නීතිය නවලා නොව කුඩුපට්ටම් කර හෝ ඔවුන් ‍රැකෙනු ඇත.

සැබැදි පුවත් :

යහපාලන ලොක්කෙක් ලක්ෂ 4000කට නිවසක් මිලදී ගනියි..වෙනස සැපයි 

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක ... 

 

Last modified on Sunday, 01 March 2020 23:25

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us