සමඟියට අලියා නෑ.. බදියුදීන් එපා කියයි. එජාප කෘත්‍යාධිකාරී රැස්වීම හබක් Featured

Published in පුවත්
Monday, 02 March 2020 00:19

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අද දින (02) පිහි‍ටු වීමට නියමිත 'සමඟි ජන බලවේගය' පක්ෂ සංධානයට එක්සත් ජාතික පක්ෂය එක් නොවන ලකුණු පහළ වී ඇත. එම සංධානයේ ලකුණ ලෙස අලියා ලබා දීමට එජාපයෙ රනිල් කල්ලිය එකඟ නොවීම අද දින ද දකින්නට ලැබිණි.

එජාප අරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සන්ධනය කඩාකප්පල් කිරීම සඳහා රනිල් කල්ලිය කටයුතු කරමින් සිටින බවය. එහෙත් ඊයේ මංගල සමරවීරගේ මාතර මැතිවරණ කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ එජාපය සන්ධානයක් ගොඩ නඟා ඒ හරහා මහ මැතිවරණයට ඉදිරිපත් වන බවය. කෙසේ නමුත් ඊයේ පවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම තීරණයක් නොමැතිව විසිර ගියේය. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ නිවේදනය මෙසේය.

'..අද(01) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමද නිමාවූයේ එළඹෙන මැතිවරණයට තරග කරන සන්ධානයේ 'ලකුණ"පිළිබදව එකගතාවයකින් නොවේ.

නව සන්ධානය සදහා අලියා ලකුණ සම්මත කරගත් බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරය සත්‍යයෙන් තොර වන අතර එම ප්‍රචාරයන් සියල්ල එම ප්‍රචාරයන්ටම අදාල පිළිකුලද සහිතව ප්‍රතික්ෂේප කරමු.

අලියා ලකුණ සන්ධානයට ලබා දෙන්නේනම් ඊට එක හෙලා අප එකග නමුත් ,ඊට යහපත් ප්‍රතිචාරයක් කෘත්‍යාධිකාරියෙන් ලැබුණේ නැත. ඒ වෙනුවට තර්ක ඉදිරිපත් වූවා මිස එකගතාවයක් ඇතිකර ගැනීමේ අවම අපේක්ෂාව හෝ ඔවුන්ට තිබුණේ නැත.නිෂ්පල වාද විවාද මැද කෘත්‍යාධිකාරී රැස්වීම හමාර වූ අතර පලදායි නොවන කාරණා මත එල්බගෙන කල්මරමින් සිටීමෙන් සිදුවන්නේ ජන පීඩක ආණ්ඩුවට එරෙහිව කදවුරු බැදීමට කාලය අවහිර වීමය.

මේ අතර මාර්තු(2)පැවැත්වීමට නියමිත 'සමගි ජනබලවේගයේ 'සමාරම්භක උත්සවය කිසිදු වෙනසකින් තොරව පැවැත්වෙන බවද ,එකී මහජන බලවේගය මෙරට දැවැන්තම ජන බලවේගය බවට පත් කිරීමේ ජයග්‍රාහී අභියෝගය සඵල කරගන්නා බවද සිහිපත් කරමු. - විපක්ෂ නායක මාධ්‍ය අංශය‍ '

මේ අතර සජිත්ගේ සන්ධානයට රිෂාඩ් බදුයුදීන් නායකත්වය දරන ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය නොගන්නැයි එජාපයේ සිංහල -බෞද්ධ කල්ලියක බලපෑම් එල්ල වී තිබේ.

විල්පත්තු රක්ෂිතය කැපීම හා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ චෝදනා නිසා රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා කෙරෙහි සිංහල -බෞද්ධ ජනතාව තුළ බලවත් විරෝධයක් ඇතැයි මේ පිරිස් පෙන්වා දෙයි.

ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව එජා පෙරමුණු නායකයන් තීරණය කළේ තමන් සිංහල බෞද්ධ ජන ප්‍රජාවට පක්ෂපාත නොවීම පරාජයට හේතුවූ බවය. සජිත් ප්‍රේමදාස, පාඨලී රණවක, සරත් ෆොන්සේකා මෙන්ම රනිල් වික්‍රමසිංහද මේ මතය දැරුවේය.

එහෙත් සත්‍ය කරුණ නම් දේශපාලනිකව පක්ෂය ශක්තිමත්ව ගොඩ නොගා නොගෙන එකිනෙකා කුලල් කාගෙන එම ජනාධිපතිවරණය පරාජයට පත් කර ගැනීමය. මේ වන විටත් එම පක්ෂ නායකයන් යෙදී සිටින බල අරගලය ඉදිරි මහ මැතිවරණය කෙරෙහි සෘජු බලපැමක් සිදු කරමින් තිබේ. මේ වන විට ජාතිය ආගම මුල් කරගෙනද මෙම බල අරගලය දිග ඇදී ඇති තතු යටතේ සුළුජාතික ඡන්ද ගොඩ පවා එජාපයෙන් ඉවත් වීමට බලපෑමක් කරනු ඇත.

කෙසේ නමුත් රිෂාඩ් බදුයුදීන් මෙවර මහ මැතිවරණය සඳහා තනිව ඉදිරිපත් වීමට පෙර සිටම සූදානමකින් පසුවූ අතර එවැනි තත්වයක් හමුවේ එජාපයට හෝ සමඟි බලවේගයට මුස්ලිම් ඡන්ද විශාල ප්‍රමාණයකින් අහිමි වීමේ ඉඩ කඩක් පවතී. එසේම මහ මැතිවරණයෙන් පසුව බදුයූදීන්ගේ සහය රාජපක්ෂ පාර්ශ්වයට ලැබීමේ ඉඩ කඩක්ද පවතී.

සමඟි ජන බලවේගය යටතේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ අනෙක් පක්ෂ කිහිපයක් සමහ මැතිවරණයට එළඹීමට තීරණය කොට තිබේ.

ඒ අනුව, අද (මාර්තු 2 වෙනිදා) අවබෝධතා ගිවිසුමකින් එම නායකයින්ගේ අත්සනින් යුක්තව නව සන්ධානයේ කටයුතු ආරම්භ වීමට නියමිතය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us