සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ට ණය පහසුකම් ලබාදීමට පියවර

Published in පුවත්
Friday, 08 January 2021 14:25

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ රජයේ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින්, මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් සමඟ පාර්ලිමේන්තු කමිටු කාමර 02 දී පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව සදහන් කර තිබේ.

මහා පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටළුවලට පෙර සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටළු විසඳීමට පියවර ගත යුතු බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ.

රටේ දැනට පවතින සහතික කළ වී මිලට අනුව පෙබරවාරි 01 සිට මාස 06 කට බලාත්මක වන පරිදි සහල් සඳහා ස්ථීර පාලන මිලක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙහි දී සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට සහනදායී ආකාරයට ණය ගෙවා දැමීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us