මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 40,000 ඉක්මවයි !  

Published in පුවත්
Friday, 08 January 2021 16:41

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 656ක් සුවය ලබා තිබෙනවා. ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 40,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තාවේ.

ලොවපුරා මේ වන විට කොවිඩ් තත්වය

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව දහනව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දහනව ලක්ෂ හයදහස් හත්සිය හැත්තෑවක් ලෙස දැක්වෙනවා.

ගතවූ පැය 24 තුළදී ඉහළම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව 4,134 ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ හැත්තෑ හතරදහස් එකසිය විසිහතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාර්තා වන ගෝලීය කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ අටකෝටි අසූපන්ලක්ෂ හයදහස් පන්සිය හැටහතරක් ලෙසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us